රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Sri Lanka Latest News
ඒ ලංකා පොස්පේට් සමාගමේ සැපයුම් කළමනාකරු එස්.ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන අය විසින්.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිය වැඩ තහනම් කිරීමට ගත් පියවර බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙම පෙත්සමින් ඉල්ලා ඇත්තේ.
රාජ්‍ය අමාත්‍යවරයා සහ ලංකා පොස්පේට් ආයතනයේ සභාපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.










