ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ, මෙරට සේවය කරන සිය වැසියන්ව පිලිපීනයට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එරට විදේශ ලේකම් තියොදොරෝ ලොසින් අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පිලිපීනයේ සංක්‍රමණික කම්කරුවන් පිළිබඳ විදේශ ලේකම් සාරා ලු ඇරියෝලා ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු පිලිපීන ජාතිකයන් සඳහා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ ඩකා නුවර තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලය සමග සම්බන්ධ වී පිලිපීනයට යළි පැමිණීමට අවස්ථාව සලසා ගත හැකි බවයි.
මෙරට පිලිපීන ජාතිකයන් 581 දෙනකු විවිධ සේවාවන්හි නිරත වන අතර, ඔවුන්ගෙන් කිසිවකුත් තවමත් පිලිපීනය බලා යෑමට ඉල්ලීම් කර නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන්ට සිය රටට පැමිණීමට අවශ්‍ය ඕනෑම මොහොතක අදාළ ආයතන හා සම්බන්ධ විය හැකි බවත් සාරා ලු ඇරියෝලා, ශ්‍රී ලංකාවේ සේවය කරන පිලිපීන ජාතිකයන්ට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.










