මේ වන විට උද්ගතව ඇති ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි බේකරි 7000න්, 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
මේ තත්ත්වය තවදුරටත් පැවැතියහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇතිවිය හැකි බවද එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටියා.










