• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන බැංකුව පළමු කාර්තුවේදී බිලියන 17.7ක පෙර බදු ලාභයක් වාර්තා කරයි! බදු පසු ලාභය බිලියන 11යි! ඒකාබද්ධ දළ ආදායම බිලියන 100 පන්නයි! I Sri Lanka Latest News

June 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මහජන බැංකුව පළමු කාර්තුවේදී බිලියන 17.7ක පෙර බදු ලාභයක් වාර්තා කරයි! බදු පසු ලාභය බිලියන 11යි! ඒකාබද්ධ දළ ආදායම බිලියන 100 පන්නයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුව 2025 පළමු කාර්තුවේදි රුපියල් බිලියන 17.7ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි.Sri Lanka Latest News

* දළ ආදායම : මෙම කාර්තුව තුළ පමණක් ඒකාබද්ධ දළ ආදායම රුපියල් බිලියන 100ක් ඉක්මවා ඇත.

* ලාභදායීතාව : සමූහය සඳහා මෙතෙක් වාර්තා කළ ඉහළම ලාභය (කාර්තුවක් සඳහා) වන රුපියල් බිලියන 11.0ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

* ශේෂපත්‍රයේ වර්ධනය : 2025 මාර්තු 31 වන විට මුළු ඒකාබද්ධ වත්කම්, තැන්පතු සහ ශුද්ධ ණය පිළිවෙළින් රුපියල් ට්‍රිලියන 3.6ක්, රුපියල් ට්‍රිලියන 3.1ක් සහ රුපියල් ට්‍රිලියන 1.7ක් විය.

* ද්‍රවශීලතාව : ආයතනය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය තවදුරටත් පවත්වා ගනිමින් ද්‍රවශීලතා ආවරණය සියලුම මුදල් ඒකක සහ රුපියල් සඳහා පිළිවෙළින් 282.9% සහ 340.3%කට වඩා ඉහළ අගයක් වාර්තා කර ඇත.

* ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය : සමස්ත ඒකාබද්ධ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය 17% කින් ශක්තිමත් වූ අතර, තනි පදනම මත එය 16.5% විය. එමෙන්ම පොදු ස්කන්ධ ස්ථිර 1 ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 11.8%

සහ 10.5 % වේ

* ඩිජිටල්කරණ ප්‍රමුඛයා : මෙරට මූල්‍ය සේවා සපයන්නන් අතර විශාලතම ඩිජිටල් ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සිටින ආයතනය ලෙස 2025 මාර්තු 31 වන විට එම ප්‍රමාණය මිලියන ප්‍රමාණය 3.3ක් දක්වා අඛණ්ඩව වර්ධනය කරගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව පිළිවෙළින් 120.8% සහ 347.2%ක වර්ධනයක් පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 45.1ක සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 11.0ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

2024 පළමු කාර්තුව තුළ උපයන ලද රුපියල් බිලියන 16.1 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළදී එම අගය රුපියල් බිලියන 38.6 දක්වා ඉහළ ගිය අතර, එමගින් වෙනස්වන වෙළෙඳපොළ පොලී අනුපාතවලට අනුකූලව වත්කම් සහ වගකීම්වල කාලානුරූපී මිල ගණන් පිළිබිඹු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 වර්ෂයේදී 2% ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී සීමාව 2025 වසරේදී 4.3% දක්වා වර්ධනය විය. තවද සමූහය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් 2025 වර්ෂයේ අදාළ කාර්තුව සඳහා ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල රුපියල් බිලියන 4.5 ක් වූ අතර එය 20.6% ක වර්ධනයකි. එමෙන්ම සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 19.9ක් (2024: රුපියල් බිලියන 17.6) විය.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු ලෙස රුපියල් බිලියන 3,106.5 ක් (2024 අවසානයේ: රුපියල් බිලියන 2,947.9) උපයා ගැනීමට සමත් වූ අතර, ශුද්ධ ණය රුපියල් බිලියන 1,689.4 (2024 අවසානයේ: රුපියල් බිලියන 1,665) කි. මුළු ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,648.7 දක්වා වර්ධනය විය (2024 අවසානයේ: රුපියල් බිලියන 3,471.7).

2025 මාර්තු 31 වැනි දිනට බැංකුවේ ස්ථර 1 සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙළින් 11.0% ක් සහ 16.5% ක් වූ අතර (2024 අවසානයේ: 10.9% සහ 16.5%), ඒකාබද්ධ පදනම මත එය 12.2% සහ 17.0% විය. (2024 අවසානයේ: 12.6% සහ 17.7%). තවදුරටත් පැහැදිලි කළොත් ඉහත සඳහන් කළ අගයන්, 2024 වසර සඳහා වූ සියලුම විචක්ෂණශීලී වෙන්කිරීම් සලකා බැලීමෙන් අනතුරුව වන අතර, ඒ විශේෂයෙන්ම ස්වෛරී පිටුබලය සහිත රාජ්‍ය ව්‍යවසාය සඳහා වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළු සියළු විචක්ෂණශීලී අඩු කිරීම් ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. මීට අමතරව, 2024 සිව්වන කාර්තුව තුළ සිදු කරන ලද රුපියල් බිලියන 13.5ක බාසල් 111 අනුකූලතා මට්ටම් ස්ථර 2 යටතේ ණය නිකුත් කිරීම මඟින් බැංකුවේ වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කරන ලදී.

මහජන බැංකු සමූහයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා : “අපගේ පළමු කාර්තුව තුළ අත්පත් කරගත් ප්‍රතිඵල පිළිබඳ අපි ඉමහත් සතුටට පත් වෙමු. 2024 වසරේ දී විවිධ වූ අංශ හරහා අප අත්කරගත් අඛණ්ඩ ප්‍රගතිය සහ අප වර්ධනය කරගත් තිරසාර ගම්‍යතාවය ඉන් මනාව පිළිබිඹු වේ. මූලික බැංකු ක්ෂේත්‍රය තුළ, පෙර දී පීඩනයට ලක්වූ ක්ෂේත්‍රවල ස්ථාවරත්වය සහ සාමාන්‍යකරණය අප අභ්‍යන්තරව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අවධාරණය කරන්නෙමු. මෙම ආයතනික අභියෝග බොහොමයක් මේ වනවිට ඉතා සාර්ථකව හා ඵලදායී ලෙස විසඳා ඇති බැවින්, ශක්තිමත්, ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස අපගේ ස්ථාවර සහ ශක්තිමත් ලාභදායිතාවයේ ගමන් මග පවත්වා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන රජයේ පුළුල් සැලසුමට අර්ථවත් ලෙස දායකත්වය ලබාදීමට අපි සූදානමින් සිටිමු.

නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරයක සංකීර්ණතා ඔස්සේ කටයුතු කරමින් උපායමාර්ගික පෙරමුණු කිහිපයකින් ඉදිරියට ගමන් කිරීම සඳහා වන අපගේ කැපවීම ඉන් පිළිඹිබු වෙයි. අති නවීන මූල්‍ය විසඳුම් ලබාදීමේදී අප ඉදිරියෙන් සිටින බව සහතික කිරීම සඳහා අපගේ ව්‍යාපාරයේ සියලු අංශ හරහා නවෝත්පාදනයන් මෙහෙයවීම මෙහි පළමු උපායමාර්ගයයි. ආයතනය තුළ සහ බාහිර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ එමඟින් ගැටලු විසඳීම සඳහා වඩාත් ඒකාබද්ධ හා කඩිසර ප්‍රවේශයක් නිර්මාණය කිරීම දෙවැන්නයි. තෙවැන්න වන්නේ සමාජයේ සියලුම කොටස්වලට පුළුල් ලෙස ආර්ථික ක්‍රියාවලියට සහභාගීවීමට සහ එහි ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමිවන පරිදි මූල්‍ය සමානාත්මතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි.

අවසාන වශයෙන්, ගනුදෙනුකාර සේවා, නවෝත්පාදන සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා වන දායකත්වයේ විශිෂ්ටත්වය සඳහා මිණුම් ලකුණක් තැබීම මෙන්ම මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්වීම අපගේ දැක්මයි. අපගේ දිගුකාලීන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මෙන්ම සෑම මට්ටමකින්ම ශක්තිමත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමෙන් අපගේ මෙම දැක්ම නොපමාව සාක්ෂාත් කරගත හැකි බවත්, රටේ සැමට වඩාත් සමාන සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී වන බවත් අපි විශ්වාස කරන්නෙමු.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘පළමු කාර්තුවේ අප අත්පත් කරගත් මෙම ප්‍රතිඵල අපගේ ආයතනයේ ඉතිහාසයේ අදාළ කාර්තුව තුළ වාර්තා කළ ඉහළම කාර්ය සාධනයයි. එය අපගේ සාමූහික අධිෂ්ඨානය සහ බොහෝ අභියෝග හමුවේ වුවද අර්ථාන්විත ප්‍රගතියක් අත්කර ගැනීමට අපට ඇති හැකියාව පිළිබඳ මනා පිළිබිඹුවක් වේ. මෙය අප කණ්ඩායමේ අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේදී සියලු අංශ හරහා වර්ධනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් කරනු ලබන නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් ද වේ.

මෙම සාර්ථකත්වය ඇති වූයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, සවිඥානිකව සහ ඉතා කඩිනම්ව ගනුදෙනුකාර අත්දැකීම් ඉහළ නැංවීම සහ නවීන තාක්ෂණය වෙනුවෙන් ඉතා විචක්ෂණශීලීව උපායමාර්ගික ආයෝජන සිදු කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමෙනි. මෙම ස්ථරයන් අපගේ පදනම ශක්තිමත් කර තිබෙනවා පමණක් නොව, වෙනස්වන වෙළෙඳපළ තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට, අපගේ සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ ඒ තුළින් අපගේ සියලුම කොටස්කරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබාදීම වෙනුවෙන් අපව ස්ථානගත කර තිබේ.

මේ වසරේ ඉදිරි කාලය ගැන අවධානය යොමුකරන විට, අපි අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම කෙරෙහි අප ස්ථිරසාර අවධානය යොමු කරන්නෙමු. අභියෝග පැමිණීම වැළැක්විය නොහැකි අතර, නිශ්චිත අරමුණකින් සහ වඩාත් නිවැරදිව ඒවා හැසිරවීමට අපට ඇති හැකියාව පිළිබඳව දැඩිව විශ්වාස කරමු. ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ දිගුකාලීන අරමුණු වෙනුවෙන් කරනු ලබන කැපවීම තුළින් අප ඉදිරි ප්‍රගතිය කරා යොමුවන්නෙමු.

SendShareShare
Previous Post

අද අල්ලස් කොමිසමෙන් ගෙන්නුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ! චෝදනාව චීන අසූචි පොහොර නැව!  I Sri Lanka Latest News

Next Post

හරිනි දිගට හරහට වැඩ! මෙන්න අලුතෙන්ම දාපු 6! Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.