මහනුවර, පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (01) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ සුවදුක් විමසා බැලීය.Sri Lanka Latest News
පසුගිය ආපදා තත්ත්වයත් සමඟ අංකුඹුර, ගන්කොටුව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස 06කට පූර්ණ හානි සහ නිවාස 15කට අර්ධ හානි සිදු වූ අතර අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගත් ප්‍රදේශයේ නිවාස 30ක පදිංචිකරුවන් ඉවත් කරන ලදී.
ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වනදා ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ආරම්භ කළ සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 47ක පුද්ගලයෝ 189 දෙනෙක් පමණ තාවකාලිකව රැඳී සිටි අතර පවුල් 07ක පුද්ගලයෝ 23දෙනෙක් පමණක් තවමත් රැඳී සිටිති.
එම ජනතාව සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලු අතර සුබ සාධන කටයුතු සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සොයා බැලීය.
පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුර්දර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමිපාණන් වහන්සේ සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක, පූජාපිටිය ප්‍රාදේශීය සභා සභාපති සංජීව එදිරිසිංහ, ප්‍රාදේශීය ලේකම් ශානිකා දීගල යන මහත්ම මහත්මිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

















