• About us
  • Contact us
Friday, July 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

July 17, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් කොටසක් හිමිනමක් ලවා ඉහළ පොලිස් නිලධාරින්ට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) දැනුම් දුනි.Sri Lanka Latest News

ඒ අදාළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ජූලි 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී සහන සැලසීමට රුපියල් ලක්ෂ 1200ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස යළි කැඳවා තිබුණි.

මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය ලබාදුන් ප්‍රකාශයක් මේ වනවිට විමර්ශන නිලධාරින්ට ලැබී ඇති බවය.

“ස්වාමිනි, පසුගිය නඩුවාරයේ මා අධිකරණයට සඳහන් කළා ප්‍රශ්නගත අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබාදුන්නේ යැයි කියන නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව මහේෂිකා මධුවන්ති නැමැත්තිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයට කියන්න තියෙන සියලු කාරණා සඳහන් කරලා කරපු වීඩියෝ ප්‍රකාශයක් ඇතුළත් CD තැටියක් මේ වෙද්දි අපිට ලබාදී තිබෙනවා. ඒ වගේම අදාළ අල්ලස් මුදල ලබාදීමෙන් පසු එහි අරමුණු ඉටු නොවීම නිසා ඒ පිළිබඳ විමසීම් කරලා මේ සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර ඇති දුරකථනයද මේ වෙද්දි විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.”

“මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වුණා මේ පළමු සැකකාර චරිත් අබේසිංහ අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත්, එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනාද ඔහු සමඟ සිටින බව චරිත් අබේසිංහ පැවසූ බව.”

“ඒ අනුව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණා මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස 03 වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගිහිල්ලා නැවත තිදෙනාම එකට 2023 මාර්තු 07 වනදා දිවයිනට පැමිණ ඇති බව. එමෙන්ම හර්බි නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරක:න වාර්තා විශ්ලේෂණය කරපුවාම තහවුරු වුණා හර්බි නැමැත්තා කියන කතාව සත්‍යය බව.”

මෙහිදී විමර්ශනයේදී අනාවරණය වූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධතා සහ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිමිනමක් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කළේය.

“ස්වාමිනි, මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට ඉහළ පොලිස් නිලධාරින් සම්බන්ධ බවට නම් කියවුණා.”

“අල්ලස් ලෙස ලබාගත් මුදලින් යම් කොටසක් මෙම සැකකරුවන්ට සම්බන්ධ හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරින්ට ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ හිමිනම කවුදැයි මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන්නම්.”

“ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් මේ වෙද්දි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.”

අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ඇප අයැදුමක් සිදුකළේය.

“ස්වාමිනි දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකයක් ඉදිරිපත් කරන අල්ලස් නඩුවක නඩු භාණ්ඩ ලෙස අල්ලස් ලෙස ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම අල්ලස් මුදල ලබාගද්දි අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නත් ඕනේ.”

“නමුත් මෙහිදී එවැන්නක් ඉදිරිපත් වී නැහැ. ඒ වගේම මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස සිටින්නන් සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම් කියවෙන අය. මේවා ස්වාධීන සාක්ෂි ලෙස සලකන්න බැහැ. මගේ සේවාදායකයාගේ වයස අවුරුදු 2 1/2ක් වූ තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මේ වෙද්දි පියා නොදැකීම නිසා කතා නොකරන තත්ත්වයක පත්වෙලා. ඒ වගේම එම වයසේ දරුවන් තිදෙනෙක් එකට බලාගැනීම මවට විශාල ගැටලුවක්.”

“ඒ වගේම මොහුට තියෙන හෘදයාබාධ රෝගී තත්ත්වයට දෛනිකව ප්‍රතිකාර ලබා නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ සියලු කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

එසේම සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් සිදුකළේය.

“ස්වාමිනි, එක්තරා ජනාධිපති නීතිඥයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා.මගේ සේවාදායකයාගේ පියා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ නෛතික සංශෝධන නිසා තමයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විශාල පිරිසක් එළියට එන්න බැරුව ඇතුළේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමිනි ඔවුන් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛරයෙන් පසුවන්නේ.”

“එබැවින් මොහුට බන්ධනාගාරය ඇතුළේ ජීවිත තර්ජනයක් තියෙනවා. මීළඟ කාරණය තමයි මගේ සේවාදායකයා අධික ලෙස sleep apnea රෝගයෙන් පීඩා විදිනවා. රාත්‍රී කාලයේදී ඔක්සිජන් ලෙවල් එක ඉතාම අඩු මට්ටමකට බහිනවා. කාබන්ඩයොක්සයිඩ් ලෙවල් එක ඉතාම ඉහළට නගිනවා. එකවර හුස්ම නතරවෙනවා. හුස්ම නැවතුනාම ආයේ එන්නේ නැතිවෙන්න පුළුවන්.”

“මේ නිසා ඔහු CPAP මැෂින් එකක් දෛනිකව රෑට භාවිත කරනවා. බන්ධනාගාරය තුළදී එය භාවිත කිරීමේ හැකියාවක් ඔහුට නැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබුනහොත් මොහු හෘදයාබාධයකට හෝ ආඝාදයට ගොදුරු වෙන්න පුළුවන්. මේ විමර්ශනය කෙළවරට ඇවිල්ලා තියෙන නිසා තවදුරටත් මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන කරන්න විමර්ශනයක් ඉතිරි වී නැහැ. එබැවින් මේ සියල්ල සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මස 28 වනදා ලබාදීමට දින නියම කර සැකකරුවන් තිදෙනාම එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

SendShareShare
Previous Post

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Next Post

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

හිටපු STF ප්‍රධානී – නැගෙනහිර දිසාව භාර SDIG වරුණ ජයසුන්දරට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර දෙයි! I Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri...

Read more
‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.