අපේ රටේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් එය විසඳීමේ විශාල වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බවත් මේ සම්බන්ධයෙන් 225 දෙනා දැනුවත් කිරීමට මත්ද්‍රව්‍ය විරෝධි සංවිධාන විසින් වැඩමුළුවක් පවත්වන ලෙසත් මීට අමතරව ළමා හා කාන්තා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරිමට ද යෝග්‍ය බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙය සංකීර්ණ වැදගත් මාතෘකාවක් හෙයින් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් දැඩි හඬක් අවශ්‍ය බවත් නීති සම්පාදනයේ දී වැදගත් හෙයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ගුරුදෙගුරු සමිති පාසල් සංවර්ධන සමිති හා එක්ව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආගමික ස්ථාන, පාසල් හා පෙරපාසල් අසල මත්පැන් අලෙවි සැල් පවත්වාගෙ යා යුතු නිශ්චිත දුරක් තිබුණත් මේ වන විට එම දුර ඉක්මවා ගොස් ඇති බවත් තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසල හා ජනාධිපති විද්‍යාලය අසළ තැබෑරුමක් තිබෙන බවත් එබැවින් මේ සීමා වහාම වැඩි කළ යුතු බවත් සංචරක ප්‍රවර්ධනය යැයි කියා බියර් පර්මිට් බෙදා ඇති බවත් ඇතැම් දේශපාලනඥයන් සංචාරක කලාපවලින් පිටත් මෙම බියර් බාර් පර්මිට් ලබා දී ඇති බවත් මෙයත් වහාම නතර විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස් වූ අවස්ථාවේදීය.
මේ සභාවට දුම්වැටි, දුම්කොළ හා මත්පැන් සමාගම් ගෙන්වා මුහුණට මුහුණ කතා කර මේ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බවත් තමන්ට කැමති නම් පාලනයක් කර ගත හැකි බවත් මේ තුළින් යම් භාවිතයේ අඩු කිරීමක් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවත් සිරගෙයිත් ඉන් පිටතත් සිදු වන මෙම ජාවාරම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් යුද ජයග්‍රහණය කළ රටේ මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය නතර කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.



















