පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනය වීම නිසා එම ශාඛාව හදිසියේම වසා ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් හය දෙනෙකු හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ කොවිඩ් ආසාදිතයන් හමුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය, සභා ලේඛන කාර්යාලය සහ පාර්ලිමේන්තු පොලීසිය යන අංශවලිනි.
කොවිඩ් ආසාදිතයන් හමුවීමෙන් පසු පනත් කෙටුම්පත් කාර්යාංශය සහ සභා ලේඛන කාර්යාලය තාවකාලිකව වසා දමා විසබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කළ බවත් සීමිත සේවකයන් පිරිසක් කැඳවා එම කාර්යාලවල රාජකාරි කටයුතු කරගෙන යන බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.










