වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතට අමතරව ෆයිසර්, ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හෝ ස්පුට්නික් එක් එන්නතක් හෝ ලබා දෙන ගෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයගේ ඉල්ලීමක් කොට ඇත.
වයිරසයේ පවතින වේගවත් ව්‍යාප්තිය හමුවේ වෛද්‍ය සංගමය මෙම ඉල්ලීම කොට ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ සයිනොෆාම් එන්නත ක්‍රියාකාරී වීමට සති 6ක පමණ කාලයක් ගතවන බවකි.
නමුත් අනෙක් එන්නත් ඉතා ඉක්මනින් ශරීරය තුළ ක්‍රියාකාරී වීම ආරම්භ කරන බව පෙන්වා දෙන වෛද්‍ය සංගමය කොරෝනා ව්‍යාප්තිය හමුවේ වයස අවුරුදු 60 ඉක්මවුවන් හට ඉක්මනින්ම ප්‍රතිශක්තිකරණය අවශ්‍ය බවද පෙන්වා දී ඇත.










