පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
කෙසේ වෙතත් විශ්වාසභංග විවාදය පැවැත්වීම හේතුකොටගෙන මුලුතැන්ගෙය හෙට දින නැවතත් විවෘත කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීමද සිදු නොකෙරුණු බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයන් පස් දෙනකුට පමණ පසුගිය දිනවල කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ ආසාදිත සේවකයකු හමුවී ඇතත් මේවනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි.










