2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බවට සමාජ මාධ්‍යවල සහ තෝරාගත් වෙබ් අඩවිවල පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය නිර්මාණය කරන ලද්දක් බව දැනගන්නට තිබේ. Sri Lanka Latest News
මෙම පුවත පොහොට්ටුව බය කිරීමේ අරමුණින් යුතුව සංවිධානාත්මකව පළ කරන ලද්දක් බව මේ වනවිට අනාවරණය වී ඇත.
දැනටමත් පොහොට්ටුවේ පාර්ශ්වයන් තීන්දු කොට ඇත්තේ අයවැය විවාදයේදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම වැය ශීර්ෂයන් පරාජය කිරීමටය.
පසුගිය දිනෙක නාමල් රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසේදී රැස්ව ඇති රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
එහිදීද පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ මෙම තීන්දුව වාර්තා වීමත් සමග ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවට ප්‍රවෘත්ති පැල කරනු ඇති බවකි.











