• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩි පොලියක් දෙනවා කියලා කෝටි 990ක් වංචා කරලා හැංගිලා හිටපු ඉයෝන් ලංකා ලොක්කා අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

October 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වැඩි පොලියක් දෙනවා කියලා කෝටි 990ක් වංචා කරලා හැංගිලා හිටපු ඉයෝන් ලංකා ලොක්කා අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉහළ පොලියක් දෙන බව පවසමින් 8,000ක පමණ පිරිසකගෙන් රු. කෝටි 990ක මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු වන අතපත්තු මුදියන්සේලාගේ ධම්මික කුමාර අතපත්තු නමැත්තා ලබන මස 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි ඊයේ (27) නියම කළේය. (Sri Lanka Latest News)

ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටි බව කියන සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇතතේ මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවෙසකදීය.

මේ පුද්ගලයා හමුදාවෙන් පලාගිය සැරයන්වරයකු බව කියැවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ මේ පුද්ගලයා මේ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ හා කොටස් හිමිකරු ලෙස කටයුතු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (26)ය.

මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම යන චෝදනා මේ පුද්ගලයාට එරෙහිව එල්ල වී ඇති බවත්, එසේ උපයාගන්නා ලද මුදල් විශුද්ධිකරණයද ඔහු විසින් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඉහළ පොලී අනුපාතයක් දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවෙසේ අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රු. ලක්ෂයේ සිට රු. කෝටිය ඉක්මවූ විවිධ ප්‍රමාණයෙන් මුදල් තැන්පතු ගෙන පසුව ඒ තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය සහ මුදල් ගනුදෙනුකරුවන් වෙත ආපසු නොදෙමින් මේ මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් තිබිණි.

ඔහුගේ වංචාවට හසුව මුදල් අහිමි කරගත් පිරිස අතරේ දේශපාලනඥයන්, පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ රජයේ විවිධ නිලතල දැරූ උසස් නිලධාරීහුද සිටිති.

විවිධාකාරයෙන් දූෂිත ගනුදෙනුවල යෙදී මුදල් රැස් කරගත් පිරිස්ද මේ මූල්‍ය ආයතනයේ ආයෝජනය කර මුදල් අහිමි කරගෙන සිටින අය අතර සිටින බව කියැවේ.

මොහුගේ මේ නීත්‍යනුකූල නොවන මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමක්ද පනවා ඒ ගනුදෙනු තහනම් කිරීමේ ප්‍රසිද්ධ නිවේදනද පුවත්පත්වල පළ කර තිබී ඇත. ඔහුට එරෙහිව  කොළඹ මහාධිකරණයේ මූල්‍ය වංචා නඩුවක්ද ගොනු කර මේ වන විට එය සැකකරු නැතිව විභාගයට ගනිමින් පවතී.

මොහුගේ මූල්‍ය වංචාවට හසුව මුදල් අහිමි කරගත් පිරිසෙන් බහුතරයක් ආරක්ෂක අංශවලට සම්බන්ධ දැනට සේවයෙහි නියුතු සහ විශ්‍රාම ලැබූවන් වන අතර, ඔවුන් සැකකරුට එරෙහිව කුරුණෑගල වැව රවුම ආසන්නයේ පිහිටි ඔහුට අයත් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටට වී මාස දෙකකට අධික කාලයක් උපවාසයකද නිරත වූහ.

මේ කාලයේදී ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ට එම උපවාසය නතර කරදැමීමට සිදු විය. මේ මූල්‍ය වංචාවට හසු නොවන ලෙස මාධ්‍යවේදීන් මාධ්‍ය මඟින් දැනුවත් කළ අවස්ථාවල මේ ආයතනයේ මුදල් තැන්පතුකරුවන්ගෙන් මාධ්‍යවේදීන්ට එකල විවිධ තර්ජනද එල්ල විය.

ගනුදෙනුකරුවන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ කුරුණෑගල පදිංචිය අතහැර තම බිරිය හා දරුවන්ද සමඟ මහනුවරට ගොස් එම ප්‍රදේශයේ නිවෙසක රහසිගතව ජීවත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මේ මූල්‍ය ආයතනයේ දෙවැනියා ලෙස සැලකෙන නිහාල් ගුණවර්ධන නමැති අයකුද මීට දින කීපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ පුද්ගලයාද හමුදාවෙන් පලාවිත් සිටින සැරයන්වරයකු බව සඳහන්ය. ඔහු භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත ආශ්‍රයෙන් විමර්ශනයක් සිදු කර ප්‍රධාන සැකකරු මහනුවර ජාත්‍යන්තර පාසලක් ආසන්නයේ ඇති නිවෙසකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම නිලධාරීහු දන්වා සිටියහ.

මේ මූල්‍ය ආයතනයේ වංචාවන්ට හසු වූ 75කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේය.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී සොයාගත් කෝටි දහයක් වටිනා ඉඩම් 11ක් විකිණීම, පැවරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද අදාළ අංශ වෙත මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් දෙමින් කියා සිටියේ රක්ෂිත භාරයට පත් කළ පුද්ගලයන් විවිධ නම්වලින් සහ විවිධ පුද්ගලයන්ගේ නම්වලට මිලදී ගෙන ඇති වත්කම් සමබන්ධයෙන් සොයා බලා මීළඟ නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

lankasara

SendShareShare
Previous Post

ලන්සාගේ අලුත් ‌සන්ධානය හබක්! ලේක් ඩ්‍රයිව් ප්‍රධාන පක්ෂ කාර්යාලයක් වසා දමයි! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා! පොහොට්ටුව බය කරන නිව්ස් එක අතේ රෝලක්! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.