විපක්ෂයේ දැඩි විරෝධය මධ්‍යයේ පස්වරු 2.15ට පමණ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා වූ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට පියවර ගත්තේය.
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කතා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටින බැවින් පස්වරු 4.30 දක්වා සභාවාරය පැවැත්විය යුතු බවකි.
එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මේ මොහොතේ පාර්ලිමේන්තුව කල් තැබීමට කලින් එකගතාවක් තිබූ බවකි.










