බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙයි.Sri Lanka Latest News
ඒ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් විසිනි.
ඒ හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් ද ඇති වී තිබේ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇත්දැයි කරුණු සෙවීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබුණේ නැවත විභාගය නොපවත්වා එම ප්‍රශ්න සදහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමටය.
නමුත් විරෝධතාකරුවන් පවසන්නේ ප්‍රශ්න තුනකට පමණක් ලකුණු දීමෙන් ඵලක් නොවන අතර විභාගය යළි පැවැත්විය යුතු බවය.
මෙම ප්‍රශ්නයට විසදුම් යෝජනා ලබා ගැනීමට අධ්‍යාපන ඇමතිනී හරීනි අමරසූරිය මහත්මිය සත් පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරන ලදී.
ප්‍රශ්න තුනක් කලින් පිටව ඇති බැවින්, ඒ ප්‍රශ්න ත-ුන සදහා සෑම දරුවෙක්ටම සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා දීමට එම විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබේ.









