ලෝක සාගර දිනය වෙනුවෙන් යුරෝපා සංගමය නියෝජනය කරන රටවලින් පැමිණි යුරෝපීය විශ්වවිද්‍යාල තරුණ තරුණියන් පිරිසක් පසුගියදා අකුරළ සංචාරක වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටියහ.
එහිදී ඔවුන් විසින් වෙරළේ තිබූ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ මෙරට වැසියන් විසින් අපවිත්‍ර කරන ලද මුහුදු වෙරළ පිරිසුදු කිරීමට ස්වේච්ඡාවෙන්ම මෙම විදෙස් විශ්වවිද්‍යාල තරුණ පිරිස ඉදිරිපත්ව සිටීමය.
ඊට සහභාගී වූ විදෙස් තරුණ පිරිස කියා සිටියේ මෙතරම් අලංකාර මුහුදු තීරයක් සහිත ලංකාවේ වෙරළ තීරයට අපද්‍රව්‍ය බැහැර නොකොට ආරක්ෂා කරගැනීම මෙරට පුරවැසියන් සතු වගකීමක් යැයි කියාය.
beach Foreigners Sri Lanka beach