• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහන්න පටන් අරන් අපේ හාමුදුරුවනේ… ! නොසැලී හිඳිනු මැන කත්නෝරුවේ හාමුදුරුවනේ… ! Sri Lanka Latest News

November 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගහන්න පටන් අරන් අපේ හාමුදුරුවනේ… ! නොසැලී හිඳිනු මැන කත්නෝරුවේ හාමුදුරුවනේ… ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපළු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ….’

මේ ගීතය මේ ලිපිය පටන් අරගනිද්දි මට මතකයට ආවේ නිරායාසයෙන්. එහෙම නිරායාසයෙන් මතකයට ආපු නිසාම මම ඒකෙන් මේ ලිපිය පටන් ගත්තා. මේ ගීතයේ තියෙනවා ‘ඔහුගේ නාමය වේ’ කියන එක. ඉතින් ඔහුගේ නාමය වේ කියන එක මේ ලිපියට ගැළපෙන්නේ නෑ කියලා කවුද දන්නේ. හැබැයි ඔහුගේ නාමය වේ කියන තැනට උන්වහන්සේගේ නාමය වේ කියන එක දාලා අපිට අවශ්‍ය නම් මේ කතාව ගොඩනගා ගන්න පුළුවන්. Sri Lanka Latest News

මේ කතාකරන්නේ අද මුළු රටම කතා කරන අතිවිශිෂ්ට භික්ෂුන් වහන්සේ නමක් ගැන කතාවක්. උන්වහන්සේ ගැන කියන්න මම බොහෝ දේවල් දන්නේ නෑ. නමුත් උන්වහන්සේ ගැන ලිවිය යුතු යැයි හිතෙන නිසාත්, තුෂාර ගුණරත්න මහත්මයා යෝජනා කරන නිසාත්, මේ රටේ තියෙන රැල්ල ඇහැට පේන නිසාත් මේ ලිපිය මම ලියනවා.
උන්වහන්සේගේ ගම කත්නෝරුව. ගොඩක් අය කියන්නේ කන්නෝරුව කියලා. හැබැයි කත්නෝරුව එහෙම නැත්නම් මේ ඈත පිටිසර ගම ගැන මට හොයාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. යාන්තම් ජීවන්ත කළුආරච්චිගේ සමාජ මාධ්‍ය පිටුවේ මෙන්න මෙහෙම පළකිරීමක් දැක්කා. එතකොට තමයි මම දැනගත්තේ මේ ගමේ නම කත්නෝරුව කියලා. මේ කත්නෝරුව කියන ඈත පිටිසර පුංචි ගමේ තමයි උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ. කත්නෝරුවේ කුඩා කත්නෝරුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් තමයි උන්වහන්සේ ඉගෙනගෙන තියෙන්නේ. අතිශය දුෂ්කර ගමක්. අතිශය දුෂ්කර ප්‍රදේශයක්.

යාන්තම් පිනිමල් ඉහිරෙන යාමෙදී වන අලි රංචු පිටින් පාරවල්වල දුවන පැත්තක්. හැන්දෑවේ හතර පහ වෙද්දිම ගෙවල්වලට ගාල් වෙන්න ඕනෙ පැත්තක්. මිනිස්සුන්ගේ ජීවිත තුට්ටුවකට වටින් නැති පැත්තක්. කොයි වෙලාවේ කොතැනදී කොහොම මිනිහෙක් මැරෙයිද කියලා හිතන්නවත් බැරි පැත්තක්. ඈත වනස්පති තුරු මුදුන් උඩින් පැල් ගී ඇහුණු පැත්තක්. වී පැහෙන, කුරක්කන් පැහෙන, වම්බටු මිරිස් පැහෙන, පැණි පුහුල් වැල්වල පැණි පුහුල් එල්ලෙන සරුසාර පැත්තක්.

හැබැයි, උන්වහන්සේ ගනේවැව පුරාණ විහාරයේ පසුකාලීනව මහණ වෙනවා. දැනගන්න විදියට 2007දී තමයි කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ මහණ වෙන්නේ. උන්වහන්සේ 2018දී උපසම්පදාව ලබනවා. මේ වෙනකොට උන්වහන්සේ බොහෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉතා දක්ෂ ධර්ම කථික භික්ෂුන් වහන්සේ නමක් විදියට. ඒ ගැන හොයද්දි අපිට හම්බවෙන්නේ 2025 අප්‍රේල් මාසේ නව වැනිදා ජාතික රූපවාහිනියේ පවත්වපු ධර්ම දේශනාව. 2025 අප්‍රේල් මාසේ නව වැනිදා ජාතික රූපවාහිනියේ ධර්ම දේශනාවක් පැවැත්වුවට පස්සේ සිරස රූපවාහිනියත් එක්ක උන්වහන්සේගේ ලොකු ඇයි හොඳයියක් හැදෙනවා. සිරසේ තරුණ තරුණියන් ඉලක්ක කරලා උන්වහන්සේ බණ කියන්න පටන් අරගන්නවා.

අපි දන්නවා මේ රට සංවර්ධනය දෙසට යන්න හිතාගෙන බොහෝ දේ අතහැරපු රටක්. ලෝකේ අනිත් රටවලත් එහෙම තමයි. ඇඳුම් ආයිත්තමේ ඉඳලම, ගුණධර්ම සාරධර්ම ඉඳලම අපිට ගොඩක් දේවල් මග ඇරෙනවා, අතහැරෙනවා. ඒකට බණින්න බෑ. ඒකට මුකුත් කියන්න බෑ. එහෙම තමයි ජීවිතවලට වෙන්නේ. එහෙම තමයි රටවලට වෙන්නේ.
රොටි පුච්චලා කෑවොත් ඒත් ඉතුරු වෙන තරමට ලංකාවේ දැන් කුඩු හම්බවෙනවා. මත්ද්‍රව්‍ය විවිධ විවිධ නම්වලින්, විවිධ විවිධ වර්ගවලින්, විවිධ විවිධ පාටින් හෝම් ඩිලිවරි ගානට වැටිලා. ඉස්කෝලේ යන ළමයට අතට ගෙනල්ලා දෙන තැනට පත්වෙලා. එක පාරක් කටේ දාගත්තම හොයාගන්න බැරි විදියේ මත්ද්‍රව්‍ය වර්ග ඕනෙ තරම් තියෙනවා. ෆාමසියේත් විකුණන්නේ සමහර වෙලාවට මත්ද්‍රව්‍ය. බෙහෙත් කඩේ විකුණන්නෙත් මත්ද්‍රව්‍ය. තරුණ තරුණියෝ වල්මත් වෙලා. මොබයිල් ෆෝන්වලට ඇබ්බැහි වෙලා. සෙල්ලමක් කරන්න, ක්‍රිකට් ටිකක් ගහන්න, විනෝදයක් ලබන්න, ව්‍යායාමයක් ලබාගන්න කිසිම අවස්ථාවක් නැති තරුණ පරම්පරාවක් ලංකාවේ නිර්මාණය වෙලා. කත්නෝරුවේ හාමුදුරුවෝ බණ කියන්න යන්නේ අන්න ඒ කොල්ලන්ට කෙල්ලන්ට. ඒකයි කත්නෝරුවේ හාමුදුරුවන්ගේ විශේෂත්වය.

උන්වහන්සේ කාට බණ කිව්වත් උන්වහන්සේගේ බණ අහන රැල්ල හැදිලා තියෙන්නේ තරුණ තරුණියෝ අතර. තරුණ තරුණියෝ උන්වහන්සේ හොයාගෙන එනවා. ඒක පිස්සුවක්. ඒක උන්මාදයක්. පාරවල් වැහෙනවා. මිනිස්සු කලබල කරනවා. හාමුදුරුවන්ට යන්න එන්න බෑ. ජී.අයි. පයිප්පවලින් වැටවල් ගහන්න සිද්ධ වෙලා. පාරවල් අවහිර වෙනවා. විශේෂ ආරක්ෂක විධිවිධාන ගන්න සිද්ධ වෙලා. දාහක් බණ අහන්න ඒවි කියලා හිතපු තැනට දහදාහක් එනවා. දහදාහක් ඒවි කියලා හිතපු තැනට ලක්ෂයක් එනවා.
මිනිස්සු පොළොන්නරුවේ බණ අහන්න ගාල්ලෙන් එනවා. ගාල්ලේ බණ අහන්න කුරුණෑගලින් එනවා. කුරුණෑගල බණ අහන්න නුවරින් එනවා. නුවර බණ අහන්න පුත්තලමෙන් එනවා. ඒ තරමටම මේ රැල්ල විශාල වෙලා. උන්වහන්සේව බණකට වඩම්මා ගැනීම බොහෝ දෙනෙක්ගේ සිහිනයක් බවට පත්වෙලා. උන්වහන්සේව වඩම්මා ගැනීම ජයග්‍රහණයක් කියලා සමරන තැනට පත්වෙලා. තරුණ තරුණියෝ පෝලිම් හැදිලා උන්වහන්සේ මුණගැහෙන්න යනවා. උන්වහන්සේට යාළු මිත්‍රකම් තියෙන භික්ෂුන් වහන්සේලා මුණගැහිලා අපිටත් උන්වහන්සේව වඩම්මලා දෙන්න කියලා විවිධ ඉල්ලීම් කරනවා.

උන්වහන්සේගේ බණ පොත් දැන් පිරිලා. උන්වහන්සේත් මනුස්සයෙක්. උන්වහන්සේට පුළුවන් සීමාවක් තියෙනවා. තරුණ භික්ෂුන් වහන්සේ නමකට තව වැඩ තියෙනවා. උන්වහන්සේට ඒ සියල්ල අතෑරලා දාලා බණ කිය කියාම ඉන්න සිද්ධ වෙලයි තියෙන්නේ. මේක සමහර විට උන්වහන්සේවත් බලාපොරොත්තු නොවිච්ච තත්ත්වයක්.
අපි දන්නවා පනදුරේ අරියධම්ම හාමුදුරුවෝ මේ විදිහේ විශාල රැල්ලක් හැදුවා. පානදුරේ හාමුදුරුවෝ බණ කිව්වේ අම්මා ගැන. ඉන් පස්සේ සෝම හාමුදුරුවන්ගේ විශාල රැල්ලක් හැදුණා. ඒක දේශපාලනික වෙන්න පටන් අරගත්තා. ඒ අතරතුරේ විවිධ භික්ෂුන් වහන්සේලා තැනින් තැනින් මතු වෙන්න පටන් අරගන්නවා. ඒ අය විවිධ හේතු නිසා සමාජයට ගිලිහිලා ගියා. සමහරු සමාජයෙන් අපවාද වින්දා, බැණුම් ඇහුවා. ඒක කණ්ඩායමක් විදිහට ප්‍රතික්ෂේප කළා. සමහර දේශපාලනික කාරණා ඇතුළේ උන්වහන්සේලාට හැංගෙන්න සිද්ධ වුණා. ඒක කත්නෝරුවේ හාමුදුරුවන්ට නොවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදියට ඇත්තටම උන්වහන්සේට ඉතා කල්පනාවෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. එහෙම නැතිව දිගින් දිගටම කියන කියන විදියට වැඩ කළොත්, දිගින් දිගටම මේ රැල්ලේම ගහගෙන ගියොත් ඒක උන්වහන්සේට හොඳ තත්ත්වයක් නෙමෙයි. පාලනයක්, නියාමනයක් සහිතව බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා. අපි දකිනවා දැන් උන්වහන්සේට රත්තරන් වටාපත් පූජා කරනවා. විවිධ සල්ලිකාරයෝ උන්වහන්සේ අයිති කරගෙන මේ අපි පූජා කරපු දේ කියලා කියන්න උත්සාහ කරනවා. ඒවාට වීඩියෝ හදනවා. සෝෂල් මීඩියා ඇතුළේ විවිධ සාකච්ඡාවලට උන්වහන්සේව වැඩම කරනවා. මේ සමහර දේවල්වලදී උන්වහන්සේට ටිකක් පාලනය වෙන්න වෙනවා. මොකද මිනිස්සු ආදරය කරන්නේ අර නිර්ව්‍යාජ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට, අර සාමාන්‍ය හාමුදුරුවන්ට. අපේ මිනිස්සු සරලකමට දැන් හරි ආසයි. අපි ජනාධිපති විදියට හදාගත්තෙත් සරල මිනිහෙක්ව. අපි වන්දනා කරන්නෙත් සරල හාමුදුරු කෙනෙකුට. අපි අහන්නෙත් සරල සින්දු. ඒ නිසා මේ සරල බව සංකීර්ණ නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
කත්නෝරුවේ හාමුදුරුවෝ මේ මහ පොළොවට පොද වැස්සක් වෙලා. වෙලාවට ඒ වැස්ස වැටුණෙ ඉඩෝරෙක. දැන් අපිට එකින් එක තැනින් තැන මලක් දෙකක් පූදිනවා බලාගන්න පුළුවන් වෙයි. මේ වැස්ස හරියට වැස්සොත් මහපොළොව මලින් පිරෙයි. මල් පිපුණොත් ගෙඩි හැදෙනවාමයි. ගෙඩි හැදුණොත් අස්වනු සරුසාර වෙනවාමයි. අස්වනු සරු වුණොත් අටුකොටු පිරෙනවාමයි. අටුකොටු පිරුණොත් රට සරුසාර වෙනවාමයි.

හැබැයි මහා වැහි වැටිලා, දෙගොඩතලා ගිහිල්ලා, ගංගා ඉවුරු කැඩිලා, ඒ ගංගාවලින් යටවෙලා මිනිස්සු මැරෙන්නෙත් ඔය විදිහටම පටන් ගත්ත වැහිවලින් තමයි. ඒ නිසා වැස්ස ආශීර්වාදයක් වෙන්නේ පොද වැස්සක් වුණාම, මල් වැස්සක් වුණාම, අවැසි මොහොතට වැස්සම. උන්වහන්සේ දැන් පොද වැස්සක්. ඒ වැස්සේ ආශීර්වාදයෙන් මේ මහ පොළොව සරු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

ඒ වැස්සට අතරමගදී හුළං කෝඩ අහුවෙලා, දේශපාලනයට රිංගවගෙන, අපේ පක්ෂෙට එකතු කරගෙන, අපේ කණ්ඩායමත් එක්ක ගනුදෙනු පටන් අරගෙන, අපේ සල්ලිවලින් පන්සල් හදලා, අපේ පල්ලිවලින් ගොඩනැගිලි හදලා, අපේ සල්ලිවලින් ධන ධාන්‍ය පාවිච්චි කරලා, අපි නිසයි උන්වහන්සේ ඉන්නේ කියන තැනට පත් නොවෙනවා නම්, උන්වහන්සේට පුළුවන් මේ මහපොළොව ආයෙත් සරුසාර කරන්න, අස්වද්දන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දෙයියෝ සාක්කි! රනිල් තනි ධමනියෙන්…! ශෂීන්ද්‍රට ස්ලීප් ඇප්නියා…! ප්‍රසන්නට කෑම නැත්නම් කෝමා…! ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා! ගන්න ඇප පෙන්නපු ලෙඩ…! Sri Lanka Latest News

Next Post

හෙට ඉඳන් දොස්තරවරු අලුත් විදිහේ වර්ජනයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.