මත්ද්‍රව්‍ය, කුඩු, විෂ ද්‍රව්‍ය භාවිතය රටෙන් ම තුරන් කළ යුතුය යන ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බවත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ සතුරන් බවට කිසිදින පත් නොවන බවත් මේ හා සම්බන්ධ අපරාධවලට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට සමගි ජන බලවේගයේ කිසිදු තැනක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
මේ මත්ද්‍රව්‍ය ක්‍රියාවලියේ නිරතව සිටින පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල නම් කියා එයට විරුද්ධව විපක්ෂය කටයුතු කරනවා යැයි ජනාධිපතිවරයා කියූ කතාව වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යුක්තිය පසිදලීමේ හා නීතියේ ආධිපත්‍ය අනුව ක්‍රියාත්මක කරන ඔ්නෑම දෙයක් කර මත්ද්‍රව්‍ය විනාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අයට සිංගප්පූරුවේ මෙන් දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇතුළත සිදුවන ඔ්නෑම අපරාධයක් වැරදි නිසා එයට විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාව සිදු කරමිනි.
හමුදාව ආරක්ෂා කර ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ජනාධිපතිවරයා කිව්වත් අද වන විට සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකාවට යා නොහැකි බවත් ෂවේන්ද්‍ර සිල්වා මහතාට සමහර රටවලට යා නොහැකි බවත් මේ වෙනුවෙන් රජය කිසිදු පියවරක් තවම ගෙන නොමැති බවත් එක්නැලිගොඩ, ලසන්න හා තාජුඩීන් මරපු අය අනිවාර්යෙන් අල්ලා දඩුවම් කළ යුතු බවත් සිරස, සියත යන නාළිකා ගිණිබත් කළ අය මාධ්‍යවේදීන්ට පහර දුන් අය අනිවාර්යෙන්ම අල්ලා දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂය විරුද්ධ වන්නේ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අනීතික ලෙස වැඩි කිරීමට බවත් පහළ අධිකරණ වැසී ගොස් එහි අර්බුධයක් ඇති නිසා මේ නව පත් කිරීම් කළ නොහැකි බවට ජනාධිපතිවරයා කිව්වත් තවමත් උපරිමාධිකරණවල තනතුරු 8ක් පුරප්පාඩු ඇති බවත් මේවා සම්පූර්ණ විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කතානායකවරයා ස්ථාවර නියෝගවලට විරුද්ධව ගොස් විපක්ෂයේ කටවල් වසා පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස අහෝසි කිරීම ශිෂ්ඨද කියා ප්‍රශ්න කරන බවත් වැරදි කරන අයට දඩුවම් දී නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි ගත යුතු බවත් රටේ පොදුජනතාවගේ අපේක්ෂාව සේම විපක්ෂයේ අපේක්ෂාව වන්නේ මේ විෂ මත්ද්‍රව්‍ය ඇතුළු සමස්ත මත්ද්‍රව්‍ය භාවිතය රටෙන් තුරන් කිරීම බවත් ඒ සඳහා ගන්නා පියවර ගැන විවේචන නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය හා තරුණ පරපුර පවා මේ මත්රකුසා ආක්‍රමණය කර ඇති නිසා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන බදු ගෙවන්නන්ගේ මුදල්වලින් ඔවුන් බන්ධනාගාරගත කර ඒ බන්ධනාගාරයේ සිට නැවත මේ ජාවාරම් කරන්න අවශ්‍ය මාර්ගය සකස් කිරීමට ඉඩ නොදිය යුතු බවත් දැන්වත් සිංගප්පූරුවේ දඩුවම් ක්‍රමය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවා කිව්වත් වසර 2ක් ගියත් තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත ඉවත් කර නොමැති බවත් ජනතාවගේ නිදහස් මතය තුළ සෑම පක්ෂයකම නියෝජනය සහිත සිවිල් ආරක්ෂක කමිටු සඳහා සාමාජිකයන් පත් වන්නේ ජවිපේ පක්ෂ කාර්යාලයේ චිට් එකෙන් බවත් මෙය යෞවන සමාජවල පවා ක්‍රියාත්මක බවත් අරගලයෙන් පසු ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ තරුණියන් 500කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දැරුවත් අද ඔවුන් පවා ඉවත් කර ඇති බවත් ප්‍රජා ශක්ති කමිටුවල පවා සාමාජිකයන් පත් කරන්නේ දේශපාලන පත්වීමක් ලෙස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද රටේ දුප්පත්කම 30-40ක් වන විට, බඩුමිල වැඩි වන විට, විදුලි බිල වැඩි කිරීම, ඉන්ධන මිල වැඩි කිරීම, කන්ටේනර් 323ක් පරීක්ෂා නොකර මුදා හරින විට, ගල් අගුරු වංචා කරන විට, ගොවියාට ස්ථාවර මිලක් නොලැබෙන විට, ගොවියාට කසිප්පුකාරයො කියා අපහාස කරන විට ජනතාව බලගැන්වෙන්නේ නැති බවත් මේ රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා අඩුමිලට ගත හැකිව තිබූ තෙල් වැඩි මිලට ගෙන එය ජනතාවගේ කරපිට පටවා ඇති නිසා දැන්වත් මේ පීඩනය නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.









