නුවරඑළිය නවාතැන් පොලකදී අභිරහස් ලෙස මිය ගිය අම්පාර රෝහලේ සේවයේ නිරතව සිටි භෞත චිකිත්සකවරියගේ සිරුර තෙල්දෙණියට රැගෙනවිත් තෙල්‍දෙණිය රෝහල් රථ ගාලේ මෝටර් රථයක දමා පළාගිය ඇගේ පෙම්වතාට ඒ් සඳහා උපදෙස් දෙමින් අපරාධයක් සැඟවීමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් රටම දන්නා විශේෂ පොලිස් අංශයක ඉහළම නිලධාරියෙකුගේ සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතය.Sri Lanka Latest News
එම පුද්ගලයා ද පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු තෙල්දෙණිය පොලීසියේ ස්ථානාධිපති ලෙසද කලක් කටයුතු කර ඇති බව කියැවේ.මහනුවර පිහිටි විශේෂ පොලිස් අංශයක ඔහු දැනටත් සේවයේ නිරතව සිටින බව සඳහන්ය.
මෙම අපරාධය ගැන තොරතුරු දැන ගැනීමට ඔහු නුවරඑළිය සහ තෙල්දෙණිය පොලිස් ස්ථානවලටද දුරකථන ඇමතුම් දී ඇති බවත් සැකකරුට නිතිඥ සහය ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය පවා ඒකී නිලධාරියා විසින් කර ඇති බවත් විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණයකරගෙන ඇත.
සැකකරුට පළායාමට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා රියදුරා සමඟ මෙම නිලධාරියා මත්පැන් පානයකර ඇති බවත් ඒ් සඳහා මුදල් ලබාගෙනද ඇත්තේ සැකකරුගෙන් බවත් අනාවරණය වී තිබේ.








