• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිගරට් අරක්කු බොන්නෙ නැති විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ලංකාවේ පැරණිම ව්‍යාපාරයක් වන ‘අමද්‍යප ව්‍යාපාරය’ට පණ දෙයි! අහගන්න සජිත්ගෙ ආණ්ඩුවකින් කරන්න යන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 22, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
සිගරට් අරක්කු බොන්නෙ නැති විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ලංකාවේ පැරණිම ව්‍යාපාරයක් වන ‘අමද්‍යප ව්‍යාපාරය’ට පණ දෙයි! අහගන්න සජිත්ගෙ ආණ්ඩුවකින් කරන්න යන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය නොකර ගෙන අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම නිහීන පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු කොම්පැනි කරුවන් සිගරට් කොම්පැනි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබා දී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝසමින් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

මේ වන විට ගම්මට්ටමින් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් බියර් බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක බවත් සංචාරක ප්‍රවර්ධනය යැයි පවසා විහාරස්ථාන, පාසල්, පෙරපාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ මෙවැනි බියර් බාර් විවෘත කිරීමට බලපත්‍ර ලබා දෙන බවත් මොවුන් මේ රට බේබදු කමේ පාරාදිසයක් බවට පත් කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නොමැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

තවද දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරිමට බවත් එසේ ගංජා වැනි දරුණු ප්‍රවර්ධනය කරන සමහර පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහි විකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවේ රටේ දරු පරපුර ගැන සිතන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකයි කිව්වත් එසේ නොවන බව මෙම සභාවේ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණයෙන් ඔප්පු වන බවත් මේ සභාවට පැමිණිය හැක්කේ අමද්‍යප පුද්ගලයන්ට බැවින් හෘද සාක්ෂියට අනුකූලව එය මෙහි දී ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම රටේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිදා බැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සදහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්තිසම්පන්ව සක්‍රීයව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර විසින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසි අය කළ යුතු නියම බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ඡන්ද දිනන කතා නොව ඡන්ද පැරදෙන කතා බවත් ඡන්දය දිනනවට වඩා රටේ අනාගතයේ සුබසිද්ධිය වෙනුවෙන් ඉතාම සමබර ලෙස තොරතුරු දත්ත මත පදනම්ව ගරා වැටුණු දේශීය නැවත ගොඩගන්නවාද කියා හෘද සාක්ෂියට අනුකූලව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අමද්‍යප ව්‍යාපාරය මෙවැනි සම්මේලනයකට පමණක් කේන්ද්‍ර නොවී රටේ සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම ගමකම සක්‍රියව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේ දී සාමාජිකත්වය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. සාමාජිකත්වය ලබා ගැනීම සේම කටවචනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාදාමක් බවට පත් කිරිම සිය අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කොච්චර නවත්වන්න හැදුවත් එනවා! බිලියන 4ක හෙරොයින් කිලෝ 200ක් දෙවුන්දරින් අල්ලලා! මහමොළකරු කව්ද? Sri Lanka Latest News

Next Post

ඩයනා වැලිකඩ! සුජිත් සංජයයි රෝහණ බණ්ඩාරයි මිරිහානේ! ‌පාර්ලිමේන්තු සටන පොලිසියට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.