• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙට ණය නොවී රට ගොඩගන්න පුළුවන් යෝජනා 6ක් අරන් විපක්ෂනායක සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 11, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
ලෝකෙට ණය නොවී රට ගොඩගන්න පුළුවන් යෝජනා 6ක් අරන් විපක්ෂනායක සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිත්ව සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවිය.Sri Lanka Latest News

සුළි කුණාටුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ආර්ථික හානියක් සිදුවීමත් සමඟ, සම්ප්‍රදායික ණය-පාදක ප්‍රතිසංස්කරණයක් සඳහා යාමට රටට හැකියාවක් නොමැති බවට වූ පැහැදිලි සත්‍යය කේන්ද්‍ර කොටගෙන මෙම හමුව සිදුවිය. ඒ වෙනුවට, තවදුරටත් ණය බරින් රට යට කිරීමකින් තොරව ශ්‍රී ලංකාව නැවත නැඟී සිටුවීම සඳහා නිශ්චිතව යුරෝපා සංගම් සහයෝගය අපේක්ෂාවෙන් ප්‍රේමදාස මහතා විසින් ජාතික මට්ටමින් ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරගනු උදෙසා වූ විස්තීර්ණ උපාය මාර්ගයක් ඉදිරිපත් කරන ලදි.

යුරෝපා විදේශ සේවා ක්‍රියාකාරිත්වයේ (EEAS) ආසියා ශාන්තිකර කලාපය සඳහා වූ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාවොලා පැම්පලෝනි මහත්මියගේ නායකත්වයෙන් යුරෝපා සංගම් කණ්ඩායම මෙහි පැමිණ සිටියේය. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාමන් මොරේනෝ මහත්මිය සහ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ ඈන් වැන්හවුට් සහ ගාලියා අගිෂේවා යන මහත්මීන් ද මේ සඳහා සහභාගී විය.

ප්‍රතිසාධනය සඳහා නව උපාය මාර්ගයක්.

සාකච්ඡාව අතරතුර, ප්‍රේමදාස මහතා විසින් කරුණු හයකින් යුත් රාමුවක් ඉදිරිපත් කරමින්, ආර්ථික ප්‍රතිසංස්කරණය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟ එ්කාබද්ධව සිදුවිය යුතු බවට තර්ක කරන ලදි. ඔහුගේ ප්‍රධාන යෝජනා අතර පහත කරුණු ඇතුළත් විය:

  • ණය නොව, ප්‍රදානයන් සඳහා පෙළැඹුමක්: ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් සඳහා අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙසයි. එහි අරමුණ වන්නේ ආපදාවෙන් ඇතිවූ දැවැන්ත මූල්‍ය පරතරය පියවීම සඳහා ණය නොවන මූල්‍යකරණය සහ ප්‍රතිපාදන බලමුලු ගැන්වීමයි.
  • වෙළඳාම ආශ්‍රිත නම්‍යශීලී බව: යුරෝපා සංගමය අත්‍යවශ්‍ය වෙළඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනිමින්, ඔහු GSP+ අනුකූලතාව සහ “නිෂ්පාදන මූලාරම්භය පිළිබඳ නීති” ආශ්‍රිත තාවකාලික නම්‍යශීලී බවක් ඇතිකරන ලෙස ඉල්ලා සිටියේය. මෙමගින් අපේක්ෂා කරනුයේ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇඟලුම් සහ කෘෂිකාර්මික යන අංශ දෙකටම හුස්ම ගැනීමේ හෙවත් යළි යථා තත්ත්වයකට පත්වීමේ ඉඩ ප්‍රස්ථා ලබා දීමයි.
  • අවදානමට ලක්වූවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන: ප්‍රේමදාස මහතා විසින් වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රාමුව තුළ “ආපදා-වියදම් සහන අරමුදලක්” වෙනුවෙන් අදහස් දක්වන ලදි. ඔහු අවධාරණය කළේ මෙය දරුවන් 275,000ක් ද ඇතුළත්ව දැනට තියුණු අවදානමකට මුහුණ දී සිටින මිලියන ගණනක් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.
  • වඩාත් සුහුරු ආපදා කළමනාකරණයක්: ශ්‍රී ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා කළමනාකරණ පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුරෝපා සංගමයේ තාක්ෂණික ප්‍රවීණත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්, එම ක්‍රියාවලිය වෘත්තීය, විනිවිද පෙනෙන ලෙස සහ ත්‍රිභාෂාවෙන් සිදුකෙරෙන බවට වගබලා ගැනීමේ වැදගත්කමද එහිදී ඔහු අවධාරණය කළේය.
  • හරිත රැකියා: වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශවල හරිත රැකියා උත්පාදනය කිරීමට සහ කාලගුණයට / දේශගුණයට ඔරොත්තු දෙන කාර්මික කලාප ගොඩනැඟීමට යුරෝපා සංගමයේ “ගෝලීය ප්‍රවේශ ද්වාර” මූලාරම්භය යොදාගැනීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡාව තුළ අදහස් හුවමාරු විය.
  • රාජ්‍ය පාලනය සහ අයිතිවාසිකම්: ප්‍රතිසංස්කරණය යනු අයිතිවාසිකම් යටපත් කරමින් සිදුවිය නොහැක්කක්ය යන කරුණ විපක්ෂ නායකවරයා විසින් නැවතත් අවධාරණය කරන ලදි. ඔහු විසින් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ආයතනිකගත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තරව ප්‍රමිතිගත නීති සමඟින් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ ඩිජිටල් නිදහස ආරක්ෂා කිරීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරිම සඳහා වූ සිය කැපවීමද මෙහිදී ප්‍රකාශ කරන ලදි.

ජනතාවට යෝග්‍ය වූ අනාගතයක්.

සංඛ්‍යාලේඛන පිටුපස සිටින ජනතාව වෙනුවෙන් ප්‍රේමදාස මහතා විසින් උද්‍යෝගිමත් ආයාචනයක් සිදු කරන ලදි. “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” දශක ගණනාවක් පුරා කැලඹීම් මධ්‍යයේ ඉදිරියට පැමිණියද, එහි ජීවත්වන මිලියන 22ක්වූ අහිංසක පුරවැසියන් සියලු දෙනා සෑම දුෂ්කරතාවයකටම ආකර්ශනීය සිනහවකින් සහ නොනැමෙන උද්‍යෝගයකින් යුතුව මුහුණ දී ඇති බවද ඔහු නියෝජිත පිරිසට සිහිපත් කර දුන්නේය.

“මෙම ලස්සන රට සහ එහි ජනතාවට, එම ඔරොත්තු දීමේ හැකියාවට ලැබිය යුතු ගෞරවය ලැබෙන්නාවූ අනාගතයක් හිමිවිය යුතුය”යි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. “ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ව්‍යාප්තිය එකිනෙක සමාන්තරව, අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු සන්ධිස්ථානයකට අප ජාතිය පැමිණ සිටී.”

යුරෝපා සංගම් නියෝජිත පිරිස විසින් මෙම ඵලදායී යෝජනා පිළිගනිමින්, බහු-වාර්ෂික නිර්දේශක වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සඳහා තමන් තුළ පවත්නා කැපවීම නැවත අවධාරණය කරන ලදි.

ප්‍රේමදාස මහතා තියුණු කරුණු සිහිපත් කිරිමකින් සිය අදහස් දැක්වීම අවසන් කළේය: එනම්, රාජ්‍යයේ ණය ගැනීමේ ධාරිතාව අවසන් වී සාම්ප්‍රදායික මාර්ග වැසී ඇති තත්ත්වයක, විනිවිද පෙනෙන, දූෂණ-විරහිත ප්‍රතිසංස්කරණ යාන්ත්‍රණයක් මගින් පමණක් ගෝලීය විශ්වාසය යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. “ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ පමණක් නොව, අවසානයේ තමන් ලබාදෙන දායකත්වයට ගරු කරන මාතෘභූමියක් වෙත උපකාර කිරීමට බලා සිටින අපේම විදේශගත ප්‍රජාවගෙන් ද අත්‍යවශ්‍ය සහයෝගය ලබා ගැනීමට අපි ලෝකය විශ්වාස කරන ක්‍රමයක් ගොඩනඟා ගත යුතුය” යි එහිදී ඔහු සඳහන් කළේය.

SendShareShare
Previous Post

දිගින් දිගටම ආණ්ඩුව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට අඩත්තේට්ටම් කරනවා! බුදුපිළිමයක් වැඩම කරවූවා කියා ස්වාමීන් වහන්සේ අධිකරණය ඉදිරියට අරන් ගිහින්! මේක අශිෂ්ටයි! අශිලාචාරයි! වහාම ජාතික සංහිඳියා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සභාපති නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නිලධාරී මණ්ඩලයට එරෙහිව නීතීඥ සංගමයට පැමිණිල්ලක්! ව්‍යවස්ථාවට පටහැනිව බලයේ ඉන්නයි යන්නේ! මාසික අයවැය වාර්තා ඉදිරිපත් කරලත් නෑ! සංගමයේ මුදල් සාමාජික සුභසිද්ධියට යොදවලත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.