• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 24, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙල් මිල වැඩි වීමත් සමඟ ජනතාව තුළ අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය වී ජීවත් වීමේ ගැටලුවට සමස්ත ජනතාවම මුහුණ දී ඇති බවත් සමස්ත සමාජයම අමාරුවෙන් ජීවත් වන මොහොතේ රටේ සිදුවන දේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බොරැල්ල මැගසින් පාර උත්සව ශාලාවේ තිබූ ‘බොරු මදිවට හොරු – අනුර Fail, ජනතාවට අමාරුයි ආර්ථිකය අනතුරේ’ යන තේමාව මුල් කර ගත් මහජන කථිකාවත අමතමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණය ජය ගත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තේ විදුලි බිල 1/3 අඩු කර 9000 විදුලි බිල 6000 කර 33%කින් විදුලි බිල අඩු කරනවායැයි කියා බවත් දැන් 33%කින් විදුලි බිල අඩු කරන්න කෙසේ වෙතත් විදුලි බිල වැඩි කරන්න උත්සාහ ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කවද්ද වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන්නේ

වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන බව පැවසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද වන විට තෙල් මත බදු පිට බදු පටවා බදු හතරක්ම පනවා ඇති බවත් විපක්ෂය ⁣ලෙස සමගි ජන බලවේගය බොරු කියා ඡන්ද ලබා ගන්න අකැමැති නිසා බොරු නොකිව් නිසා ජනතාව ඡන්දය නොදුන් බවත් එහෙත් වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියු බොරු පිට බොරු කියු වත්මන් රජයට ජනතාව ඡන්දය ලබා දී දැන් අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුද්ධය පාලනය කරන්න බැ..හැබැයි අපිට තෙල් මිල පාලනය කරන්න පුලුවන්

දැන්වත් වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් මැදපෙරදිග යුද්ධය පාලනය කළ නොහැකි වුවත් තෙල් මිල පාලනය කළ හැකි බවත් ගොඩබාන තෙල්වලට වැට් ගහන්නේ බදු ගහන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් දැන්වත් ජන්දය ගන්න කියු දේ අද ක්‍රියාත්මක කරන ලෙසත් තෙල් මිල ඉහළ යාම නිසා අසරණ වූ ජනතාවට ශක්තියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ රජය මිල සූත්‍රයේ වහලෙක්

මිල සූත්‍ර පිළිගන්නේ නැ කියු වත්මන් රජය දැන් අමුතු ⁣මිල සුත්‍රයක් යොදා ගන්නා බවත් ලෝකයේ තෙල් මිල අඩු වුවත් අප රටේ නම් තෙල් මිල අඩු නොවන බවත් මිල සූත්‍රය දූෂිතයි කිවු මාලිමා රජයම දැන් ඒ මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් බදුු කොමිස් ඉවත් කර සමාජ සාධාරණත්වය ඇති කරනවා කිව්වත් බලය ලබා ගත් පසු ඒ සියල්ල අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලය ගත්ත ගමන් ලංවීම විනාශ කළා

තවද විදුලි බල මණ්ඩලයට අත තියන්න එපා කියා විදුලි බල මණ්ඩලය විනාශ කළ බවත් 23000ක් සේවකයන් පාරට බස්සවා දේශපාලන බලය ලබා ගෙන රජ පුටුවලට ගොස් මේ සේවකයන් අමතක කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම හිටියේ නෑ

ජනතාව දැන්වත් අවංකව තමා වෙනුවෙන් සේවය කරන්නේ කවුද කියා අවබෝධයෙන් සිටිය යුතු බවත් ජනතාව අන්දවන අය කවුද කිය දැනගත යුතු බවත් මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ පවා නොතිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බාල ගල් අගුරු නිසා සිදු වූ පාඩුව ජනතාව කරපිටට

මේ වන විට රජය බාල ගල් අගුරු ගෙන්වා නොරොච්චෝල බලාගාරය අකර්මණ්‍ය කර මේ දූෂිත ක්‍රියාවලිය යුද්ධය කරපිටින් දා වසා දැමීමට කටයුතු කරන බවත් මේ බාල ගල් අගුරු නිසා නොරොච්චෝල බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරිම අවම වී ඇති බවත් ඉතිහාසයේ කිසිදු දවසක් සිදු නොවූ ආකාරයට නිශ්චිත විදුලි බල උත්පාදනය සිදු කිරීමට මේ බලාගාරයට නොහැකි වී ඇති බවට මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති බවත් මේ යන විදිහට ගියොත් ඉදිරි මාසවල සිදුවන බලාගාර නඩත්තු නිසා විදුලි කප්පාදුවක් කරා යාමට සිදුවන බවට දන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්ධන බලාගරවලට තෙල් දුන්නම ජනතාවට අවශ්‍ය තෙල් තවත් හිග වෙනවා

නිශ්චිත මෙගවොට් ප්‍රමාණය නිෂ්පාදනය නොවන නිසා ඉන්ධන බලාගාර හරහා වැඩි පිරිවැයක් වැය කර විදුලිය ලබා ගැනීමට සිදුවන බවත් මෙහි පිරිවැය දරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන්ට බවත් ඊට අමතරව මේ බලගාර සදහා විදුලිය ලබා ගැනීමට ඉන්ධන ලබා ගන්නා නිසා ඉන්ධන හිඟයක් ඇතිව ආර්ථිකය සංකෝචනය වන බවත් මේ තුළින් ගෘහයෙ ආදායම පහත වැටී ඉතිරි කිරීම් ආයෝජන පාරිභෝජන පහළ වැටී දුප්පත්කම වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුෂිතයන් අල්ලනවා කියා ගල් අගුරුවලින් දූෂණ වංචා කරනවා

දූෂිතයන් අල්ලනවා කියු රජය දැන් බාල ගල් අගුරු ගෙන්වා දැඩි දූෂණයක් සිදු කර ඇති බවත් තෙල් මිල අඩු කරන්න නොහැකි වී ඇති මේ රජයට අවම වශයෙන් දුප්පත්කම ගැනවත් දත්ත නැති බවත් රටේ 1/3ක් දුප්පත් වී ඇති මොහොතක මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට ආණ්ඩුවට උත්තර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග සිටින රට විරුවන් ගැන රජයට කිසිදු අදහසක් නැහැ

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ උතු⁣රේ යුද්ධය දකුණේ ත්‍රස්තවාදයත් ගල්ෆ් යුද්ධයත් තියාගෙන රටේ කර්මාන්ත ශාලා ඇති කළ බවත් යුද්ධය නිසා මැදපෙරදිග හැර ආ අපේ ⁣රටේ ජනතාවට වන්දි පවා දුන් බවත් අද යුද්ධය නිසා මැදපෙරදිග සිටින අප රටේ ජනතාවට අත්වන ඉරණම ගැනවත් ආණ්ඩුවට සැලසුමක් නැති බවත් ආණ්ඩුව දන්නේ විපක්ෂය පෙන්වා දෙන සත්‍ය යථාර්ථය සමාජ මාධ්‍ය හරහ විහිලුවට ලක් කිරීම බවත් මේ ආණ්ඩුවේ විහිලුු නිසා දුක් විදින්නේ් රටේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තනතුරු නිසා අපි ජනතාව රවටන්නේ නැ

දිට්වා නිසා විපතට පත් ජනතාවට සහන දෙන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න කිව්වත් එයද එපා කියු බවත් කොයි තරම් ඉහළ තානාන්තර දෙනවා කිව්වත් ජනතාව රවටන්න නම්⁣ නොහැකි බවත් දැන්වත් මේ බොරුව රජය නතර කළ යුතු බවත් මැතිවරණ සමයේ වූ පොරොන්දු ටික ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බස්නාහිර දිසා අපරාධ කොට්ඨාසයේ OIC ලින්ටන්ව පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයට මාරු කරයි! I Sri Lanka Latest News

Next Post

සජිත්-රනිල්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් සියල්ලම එක තැනකට එයි! ජාත්‍යන්තර නිවේදනයකට අස්සන් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.