• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්-රනිල්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් සියල්ලම එක තැනකට එයි! ජාත්‍යන්තර නිවේදනයකට අස්සන් කරයි! I Sri Lanka Latest News

March 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත්-රනිල්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් සියල්ලම එක තැනකට එයි! ජාත්‍යන්තර නිවේදනයකට අස්සන් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට නීතිඥවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාවට එල්ල වී ඇති බරපතල තර්ජන සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ රැසක නායකයන් එක්ව ජාත්‍යන්තර වෘත්තීය සංවිධානවල මැදිහත්වීම පතමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News

සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ජීවන් තොන්ඩමන්, මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය වසරේ පුද්ගල මරණ 60කට අධික සංඛ්‍යාවක් සහ මෙම වසරේ මේ දක්වා මරණ 9ක් වාර්තා වෙමින් නවීන ගිනිඅවි භාවිත කර සිදු කරන ඝාතන රටාවක් නිර්මාණය වී ඇති බවයි එම නිවේදනයේ ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

එසේම 2026 පෙබරවාරි 13 වන දින අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙරට නීති ක්ෂේත්‍රය දැඩි කම්පනයකට පත් කර ඇති බව එහි සඳහන්.

මෙම ඝාතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වසර 14කට පසු ගනු ලැබූ අසාමාන්‍ය තීරණයකට අනුව පෙබරවාරි 16 වැනිදා දිවයින පුරා නීතිඥවරුන් වෘත්තීය කටයුතුවලින් බැහැරව සිටි බවත්, මේ හේතුවෙන් එදින ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා සියලු අධිකරණ වසා තැබීමට සිදු වූ බවත්, එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එසේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර මියගිය නීතිඥවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බවට පොලිසිය සිදු කළ ප්‍රකාශයන් වගකීම් විරහිත බවත්, එය සිද්ධියේ බරපතලකම යටපත් කිරීමේ උත්සාහයක් බවත්.

එමෙන්ම පොලිස් බලකාය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවටයි මෙහි චෝදනා එල්ල වී ඇත්තේ.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් මහජන අතෘප්තිය මර්දනය කිරීමට උත්සාහ කරන බවත්, එමගින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මාධ්‍ය නිදහස දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, එම නිවේදනයේ සඳහන්.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල රටේ නීතිය සහ සාමය පවත්වා ගැනීමටත්, පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අසමත් වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහජන අතෘප්තිය මර්දනය කිරීම සඳහා යෝජිත මර්දනකාරී ත්‍රස්ත විරෝධී පනතක් භාවිත කිරීමට උත්සාහ කෙරෙන බවත්, එහි වත්මන් ස්වරූපය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පහර දෙන අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළු ජාත්‍යන්තර එකඟතාවලට ශ්‍රී ලංකාව බැඳී ඇති මූලික වගකීම් ද උල්ලංඝනය කරන බවයි එහි සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, මෙහි සෘජු ඉලක්කය වී ඇත්තේ මාධ්‍ය ආයතන, එහි හිමිකරුවන්, කර්තෘවරුන්, විධායකයන් සහ සෑම තරාතිරමකම මාධ්‍ය වෘත්තිකයින් බව ද එහි සඳහන්.

එසේම මෙම බරපතල තත්ත්වය හමුවේ මෙරට වෘත්තිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වන ලෙසයි ඔවුහු ජාත්‍යන්තර වෘත්තීය සංවිධානවලින් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව, ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නීතිඥ සංගමය, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය, වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය, පෙරටුගාමී ආරක්ෂකයින්, මානව හිමිකම් සඳහා මහ කොමසාරිස් කාර්යාලය, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වෙත ද ඔවුන් මෙම මැදිහත්වීම පිළිබඳ ඉල්ලීම සහිත නිවේදනය යොමුකර තිබෙනවා.

gr 1
gr 2
SendShareShare
Previous Post

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කපිලගේ නෝනටයි චමල්ගේ පුතාටයි වරෙන්තු? තීන්දුව අප්‍රේල් 2..! I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.