දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ප්‍රජාත්ත්‍රවාදය විනාශ කිරීම උදෙසා කරන ක්‍රියාදාමය ගැන අධිකරණයේ ගරු විනිසුරුවරුන් පවා අද එළිපිටම විවේචනයට ලක් කර ඇති බවත් ඔවුන් විසින් ජනාධිපති ප්‍රමුඛ රජය අධිකරණයට විවිධ තර්ජන, විවිධ අතපෙවීම්, බලපෑම් ආදිය සිදු කරන බවට පිළිගෙන ඇති බවත් ගරු අධිකරණය සහ විනිසුරුවරුන් විසින් සෘජුව එළිපිටම ශක්ති සම්පන්නව දැඩි ස්ථාවරයකින් යුතුව රටේ නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ජනතා ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය සහ ප්‍රණාමය පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (4) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් තවදුරටත් අධිකරණයට එල්ල කරන මේ නිර්ලජ්ජිත ක්‍රියාදාම ක්‍රියාත්මක නොකර එය වහා නතර කළ යුතු බවත් අධිකරණයට සිදු කරන සෑම බලපෑමක්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ මහා දැවැන්ත කුමන්ත්‍රනයක් බවත් එහි කොටස්කරුවන් ලෙස රටත් ලෝකයත් වත්මන් රජය හඳුන්වන බවත් පැවසීය.
එසේම මෙරට විකල්ප ආණ්ඩුව, ප්‍රගතිශීලී විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කුළුණු 3 සංවරණ සහ තුලන, බලය බෙදීම ආදී සංකල්ප ඔස්සේ සුරක්ෂිත කරමින් පොදු ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් උත්තරීතර නීතිය සුරක්ෂා කිරීමේ භාරකරුවන් ලෙස කටයුතු කරන බවත් අධිකරණයේ ගරු විනිසුරුවන් ද අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුතුව ගන්නා සෑම තීන්දු තීරණයක් සමඟ ඒවා සුරක්ෂා කිරීමට මහජන නියෝජිතයන් ලෙස විපක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතා කළ ප්‍රකාශය!










