පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාව විසින් එළිදැක්වීමට නියමිත වීඩියෝව පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂ අතර සංවාදයක් ඇතිවිය.Sri Lanka Latest News
එහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කර සිටියේ මේ පිළිබදව ආණ්ඩුව වහා විමර්ශනයක් සිදුකළ යුතු යැයි කියාය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවකි.
එමෙන්ම අමාත්‍යවරයා එසේ නම් කාදිනල් හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොටස්කාරයෙක්ද යන්න ප්‍රශ්න කර සිටීමට කටයුතු කළේය.










