වත්මන් රජය විසින් මැතිවරණ සමයේ විවිධ පොරොන්දු ලබා දී රැකියා විරහිත උපාධිධාරීන් සහ ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඡන්දය ලබා ගෙන බලයට පැමිණ දැන් ඔවුන්ට දෙනවා කියන රස්සා පවා නොදෙන තැනට පත්ව ඇති බවත් අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ ඇති නිසා මොවුන්ට නිසි සාධාරණය ඉටු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් හමු වීමෙන් පසුවය.
වත්මන් රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රැකියා 35000ක් ලබා දෙන ආකාරය එකින්එක පැහැදිලි කර තිබුණත් ඒ සියල්ල දැන් අමතක කර ඇති බවත් මෙය අසාධාරණයක් නිසා තමා මේ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කතා කළ බවත් ඉදිරියටත් මොවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

















