• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මළ ගෙදරකදී පහර දීලා! PHOTOS I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
නුවරඑළියේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මළ ගෙදරකදී පහර දීලා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස් වරයාගේ සහයෝගයෙන් විවිධ තරාතිරම්වල හා අංශ කිහිපයක් නියෝජනය කරන රාජ්‍ය සේවකයන් වසර ගණනාවක් පුරාවට සිදුකරන මූල්‍යමය වංචා හා රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිතයන් පිළිබඳව තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම සිදුකරන අනාවරණයන් ඒතුවෙන් එම වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් නාගරික කොමසාරිස්වරයාගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග එක්ව සැලසුම් සහගතව තමන්ට හා සහෝදර මන්ත්‍රීවරයාට පහර දුන් බව නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම මහතා චෝදනා කරයි . Sri Lanka Latest News

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය මාලිමා නාගරික මන්ත්‍රීවරයෙකු “කුකුල් මස් කෑල්ලක් බෙදාගන්න බැරුව ගුටි කාලා” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට සහ පහරදීමට හේතුව පිළිබඳ මාධ්‍ය වෙත අනාවරණය කිරීමේ අරමුණින් සිය නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි ,

මෙම පහරදීමේ සිද්ධිය ඉකුත් (14) වන සිකුරාදා දින රාත්‍රියේ සිදුවී ඇති අතර අවමගුල් උත්සවයකට සහභාගි වූ මහ නගර සභා සේවකයන් සහ එම අවමගල් උත්සවයට ඥාතීත්වයක් අනුව ආහාර පාන ලබාදුන් නාගරික මන්ත්‍රීවරයා අතර ඇති වූ බහින්බස්වීමත් දුරදිග ගොස් දෙපාර්ශවය අතර ඇති වූ ගුටි බැට  හුවමාරුවකින් නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම සහ මහ නගර සභා සේවක  පාසිල් යන අය රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතරතුර සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නව තව දෙනෙකු 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මීව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (15) දින ඇපමත නිදහස් කර ඇත ,

ඊයේ (17) දින පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා රෝහලින් ප්‍රතිකාර ලබා බැහැරවීමෙන් අනතුරුව ජූඞ් චාන්දන මැදගම නගරික මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ සහ නලින් රාජ් නාගරික මන්ත්‍රීවරයා මහ නගර සභා සේවකයන්ගේ පාර්ශවයෙන් ලද පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත ,

ඊයේදිනයේ රෝහලින් ප්‍රතිකාර  ලබා බැහැර වූ මහනගර සභා සේවක පාසිල් යන අයවද අත්අඩංගුවට ගෙන අධිකරණීයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසියය පැවසීය ,

මාධ්‍ය වෙත වැඩිදුර අදහස් දක්වමින් පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මෙසේද කීය ,

මළගෙදරක ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මම හා මාගේ සහෝදර මන්ත්‍රීවරයා වන නලින් රාජ් පහර කෑමට ලක් වූ මළගෙදර මාගේ ඥාතියකුගේ මළ ගෙදර බැවින් එම අවමංගල්‍ය උත්සවය රාත්‍රී ආහාර වේල මා විසින් බාර අරන් ඥාතියාට පින් පිණිස සිද්ධ කළේ ,

මම අනුග්‍රහය දක්වපු කෑම වේලක කුකුල් මස් කෑල්ලකට රණ්ඩුවක් ඇති කරගන්න මට කිසිම උවමනාවක් නැහැ. කුකුල් මස් කන්න ඕන නම් මගේ ආපනශාලාවට ගියාම ඇතිවෙන්න මට කන්න පුළුවන්,

මේක මාහට මඩ ගහන්න කියපු කතාවක් හැරෙන්න මේ කතාවේ කිසිදු ඇත්තක් නැහැ ,

එම පහරදීම දින ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව සිදු කරපු දෙයක් ,

මා හට පහරදීමට මූලික වූ ෆාසිල් යන පුද්ගලයා නුවර එළියේ මහනගර සභාවේ ඔහු සේවය කරන වෑන් රථය අවභාවිතා කරන පුද්ගලයෙක් ,

වාහනේ අවභාවිතා කරන අවස්ථාවකදී ඔහු මගේ අතටම අහුවුණා. ඒ ගැන මම කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්  දුන් නමුත් ඔහුට විරුද්ධව කොමසාරිස්වරයක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ,

ඒ වගේ නොයෙකුත් මූල්‍ය වංචා හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ඔවුන් පිළිබඳව අපි සාක්ෂි සහිතව අනාවරණය කරා දිගින් දිගටම ,

ඒ වගේම වංචාවලට සම්බන්ධ අයට විරුද්ධව පොලිස් පැමිණිලිත් අපි සිද්ධ කරලා තියෙනවා ඒ හොරකම් වලට අදාළ සාක්ෂි සාධකත් එක්කම ,

මේ හොරකම් කරන අයව කොමසාරිස්තුමා දිගින් දිගටම රකිනවා වගේම ඒ කොමසාරිස්වරයාගේ වැරදිත් සේවකයන් දිගින් දිගටම වහන්න උත්සාහ කරනවා ,

අපිට පහර දෙන්න සැලසුම් කරලා නගර සභා සේවකයන් විසිගන්වලා ඔවුන්ට මධ්‍යසාර බෝතල්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලබාදුන්නා කියන එකට අපි ගාව සාක්‍ෂිත් තියෙනවා ,

මේක හිතාමතාම නලින් රාජ් මන්ත්‍රීවරයාව සහ මාව ඉලක්ක කර සැලසුම් සහගතව පහර දුන්නා කියන එක ස්ථීර වෙන්නේ අපිත් එක්ක හිටපු අනිත් නාගරික මන්ත්‍රීවරයා වන වශීකරන්ට කිසිදු පහරක් එල්ල කරේ නැහැ පහර දුන් පුද්ගලයන් විසින් ,

පහර කෑමට ලක්වූ නලින් රාජ් මන්ත්‍රීවරයාද ඉහත සිදුවීම දමිළ බසින් මාධ්‍ය වෙත අදහස් දැක්වමිනින් කියා සිටියේය ,

එලෙස පහර දුන් පුද්ගලයන් හා රාජ්‍ය නිලධාරීන්  සම්බන්ධ මූල්‍ය වංචා හා දේපළ අවභාවිතා කිරීම පිළිබඳව හසුවූ අවස්ථාවලදී වීඩියෝ පට කිහිපයක්ද ජූඞ් චාන්දන මැදගම නාගරික මන්ත්‍රීවරයා මාධ්‍යය සාකච්ඡාවෙන් අනතුරුව සිය මුහුණු පොතේ මුදා හැර තිබිණ , 

මන්ත්‍රීවරුන් දෙපෙළට පහර දුන් බව පවසමින් මන්ත්‍රීවරයා විසින් පැමිණිලි සිදුකර ඇති පුද්ගලයන්ගෙන් අප සිදු කළ විමසමකට අනුව ඔහුන් කියා සිටින්නේ  මන්ත්‍රීවරයා විසින් සිදුකරන එම චෝදනාව පිළිගැනීමට නොහැකි බවය ,

වැඩිදුරටත් ඔවුන් කියා සිටින්නේ එවැනි චෝදනාවක් සිදු කරන්නේනම් එම චෝදනාවන් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස මන්ත්‍රීවරයාට අභියෝග කරන බවයි ,

තවද මන්ත්‍රීවරයාගේ පාර්ශවයට තමන්ට පහර දී ෆාසිල් යන අය රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත් බවයි ,

නාගරික මන්ත්‍රීවරයා විසින් එල්ල කරනු ලබන චෝදනාව පිළිබඳව නුවරඑළිය නාගරික කොමසාරිස් විජයකෝන් බණ්ඩාර මහතාගෙන් අප දුරකථන මාර්ගයෙන් විමසූ විට  කළේ අදාළ මන්ත්‍රීවරයා තැන් තැන්වල ගොස් ප්‍රශ්න ඇති කරගෙන ඒවා සේවකයන් පිටින් හා නිලධාරීන් පිටින් යවන එක වැරදි බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ නාගරික කොමසාරිස්වරයා කියාා සිටියේ අත්අඩංගුවට ගත් කිසිදු පුද්ගලයෙක් මූල්‍ය වංචාවලට සහ අවභාවිතාවලට සම්බන්ධ නැහැ ,

යම් යම් සැක පළ කරමින් මා ගාවට ප්‍රශ්න අරගෙන ආවා. සැකය විතරක් තියාගෙන සාක්ෂි නැතුව අපිට කිසි කෙනෙකුට දඬුවම් කරන්න බෑ ,

ලැබෙන පැමිණිලිවලට ඔවුන්ට අපි උපදෙස් දීල අවශ්‍ය කටයුතු නාගරික කොමසාරිස්වරයාගේ පැත්තෙන් මම කරලයි තියෙන්නේ ,

එයාලා බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ දේවල් නෙමෙයි වැඩ තහනම් කරලා ලොකු ලොකු දඬුවම් දෙන්න ඕන කියලා ,

සාක්ෂි සාධක නැතුව අපිට ඒ දේවල් කරන්න බැහැ ,

ඔය කියන චෝදනාවල් සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නුවනම් අපිට ඒවාට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් .

SendShareShare
Previous Post

බීලා මහ රෑ ඇවිත් තුවක්කු පෙන්නලා ස්පා සැප හොයන චණ්ඩි…! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කරන ගුරු සංවර්ධන නිලධාරීන් වගේම රැකියා විරහිත උපාධිධාරීන්වත් හමුවෙන්න විපක්ෂනායක සජිත් ගිහින්! ආණ්ඩුව මේ දෙගොල්ලන්වම රැවැට්ටුවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.