• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම දෙයක් කරන්න දෙන්නේ නැතිව ජනාධිපතියි එතුමගෙ ගෝලයොයි ක්‍රිකට්වලට ඇඟිලි ගහන්න පටන් අරන්! විධායකයට පැත්තකට වෙලා ඉන්න කියන්න! අධිකරණ තීන්දුව ගැනත් බරපතළ ගැටලුවක් තියෙනවා! ක්‍රිකට් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක්! ඒකත් එක්ක හොරුන්ට සෙල්ලම් කරන්න දෙන්න බෑ! අතුරු පාලක මණ්ඩල පත්කරද්දී සංයුතිය දිහා හොඳට බලන්න! ක්‍රීඩා ඇමැති රොෂාන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

November 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කිසිම දෙයක් කරන්න දෙන්නේ නැතිව ජනාධිපතියි එතුමගෙ ගෝලයොයි ක්‍රිකට්වලට ඇඟිලි ගහන්න පටන් අරන්! විධායකයට පැත්තකට වෙලා ඉන්න කියන්න! අධිකරණ තීන්දුව ගැනත් බරපතළ ගැටලුවක් තියෙනවා! ක්‍රිකට් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක්! ඒකත් එක්ක හොරුන්ට සෙල්ලම් කරන්න දෙන්න බෑ! අතුරු පාලක මණ්ඩල පත්කරද්දී සංයුතිය දිහා හොඳට බලන්න! ක්‍රීඩා ඇමැති රොෂාන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම අපේක්ෂා කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල ධනස්කන්ධයක් එකතු වි ඇති බවත් එබැවින් මෙය පරිපාලනය කිරීමට බොහෝ දෙනෙක් එකතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ද එසේ නැතිනම් එයට ලැබෙන මුදල් සොරා ගැනීමට ද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත වී ඇති බවත් මේ හොර ගුහාවේ සිටින හොරු ටික පන්නා දමා පැහැදිලි ක්‍රමවේදයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවන වැඩසටහනක් උදෙසා ජනාධිපතිවරයා අමතක කොට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කර ගජමිතුරු සංගම් සහ සැනකෙළි නැවැත්විය යුතු බවත් ප්‍රභූ යැයි කියා ගන්නා අතලොස්සක් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති මුදල් සොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කිසිදු අවස්ථාවක අධිකරණය විවේචනය නොකරන නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබා දෙන නියෝග සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති බවත් ලක්ෂ 220ක් වූ ජනතාවගේ හදවතේ ඇති මේ ක්‍රීඩාව සමඟ විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, හොරුන්ට, අල්ලස්කාරයන්ට සෙල්ලම් කරන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ක්‍රිකට්, හොරුන්ගෙන් බේරා ගන්න නම් එය වෙනස් ප්‍රශස්ත තීන්දුවක් විය යුතු බවත් මේ රට ක්‍රිකට් ශූරයන් කරපු දක්ෂ ක්‍රීඩකයන් සිටින බවත් ආනා පුංචිහේවා වැනි දක්ෂ පුද්ගලයන් සිටින බවත් මොවුන්ට මෙය බාර දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිවරයාට හෝ කිසිවක් කළ නොහැකි ලෙස ජනාධිපති සහ ඔහුගේ ගෝලබාලයෝ එයට ඇගිලි ගැසීමට පටන් ගෙන ඇති බවත් තමා ඇතුළු පිරිස හොරු සමඟ ආණ්ඩු කිරීමට එක්නොවූයේ මේ හේතුන් නිසා බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් අතුරු කමිටුවට අධිකරණයෙන් තහනම් නියෝගයක් එල්ල වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වයට ක්‍රිකට් හොරුන්ගෙන් බලපෑමක් සිදුවෙනවාද කියා සොයා බැලිය යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයා ගන්නා නිවැරදි ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් පෙනී සිටින බවත් ඈත ගම්වල සිටින ළමුන්ට පවා ජාතික කණ්ඩායමට පිවිසිය හැකි මෙහි පරිපාලනය වෙනස් කළ යුතු බවත් පැවසීය.

තවද ආණ්ඩුවේ අනෙක් පුද්ගලයන්ට කොන්දක් ඇත්නම් මෙයට සහයෝගය පළ කල යුතු බවත් මෙය වටිනා සම්පතක් බැවින් එය පුද්ගලික න්‍යාය පත්‍ර මත නොව ජාතික න්‍යාය පත්‍ර මත පදනම්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මම කැබිනට් එකට ක්‍රීඩා පනත ගේන්න හැදුවාම සාගලගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් දැම්මා! මම ඒ සාකච්ඡාවටත් ගියා! සාගල මට යෝජනා එවනවා මේවා දාලා පනත් හදන්න කියලා! ඒකෙ යෝජනා එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන්! ජනාධිපති මට කිව්වා කමිටුව අයින් කරගන්න කියලා! මම කිව්වා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න මම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා! අධිකරණ තීන්දුව ගැනත් මට ප්‍රශ්න තියෙනවා! ඒ ගැන මම හෙට සම්පූර්ණ කතාවක් කරනවා! ක්‍රීඩා ඇමැති රොෂාන් රහස් හෙළිකරමින් සටන ආරම්භ කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

තහනම් නියෝගයෙන් පසු ෂම්මි යළි ක්‍රිකට් ආයතනයට ඇතුල් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවරඑළිය ටවුම මැද පිහිටි තැපැල් කාර්යාලය හෝටලයක් කරන්න කැබිනට්ටුව තීන්දු කරයි! ටාජ් සමුද්‍රා හෝටලයට බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.