T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුව ඇති බවත් එහි දී ICC රෙගුලාසි උල්ලංඝනය කරමින් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩකයන් සිටිනා හෝටලය අතර දුර විනාඩි 45ක දුරක තිබිය යුතු වුවත් එය පැය 1.5ක් තරම් විශාල දුරකින් පිහිටා ඇති බවත් මීට අමතරව තවත් ගැටලු රාශියක් තිබියදී ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි සැලකිල්ලක් නොදැක්වීම ප්‍රශ්න සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පමණක් වෙන වෙනම ක්‍රීඩාංගන 4ක තරග සංවිධානය කර තිබීම සහ ගුවන්යානා පරක්කු වීම තුළ පුහුණු තරග පවා අහිමි වී ඇති බැවින් මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා පියවර සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ICC එක සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මනා සම්බන්ධතාවක් ඇති බව පැවසුවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි අසාධරණයක් සිදුවෙමින් පවතින බවත් හිතාමතාම ක්‍රීඩකයන්ගේ තෙහෙට්ටුව වැඩි කරන වැඩපිළිවෙළකට පවා යොමු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.









