ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අය වැය යෝජනාවලියේ වරදක් තමන් නොදකින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
අයවැයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවද හෙතෙම පැවසීය.
‘මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා.
ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්.
මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි’
කෙසේ වෙතත් සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අය-වැය සම්බන්ධයෙන් විරෝධය එල්ල කරන්න පසුබිමක රාජිත සේනාරත්න මහතා එහි වැරැද්දක් නැති බව පැවසීම විශේෂත්වයකි.