සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන විටත් කරුණු කාරණා ඉදිරිපත් කරන විටත් බොහෝ අවස්ථාවල හැම අතකින්ම බාධා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ලැයිස්තුවේ පහළට පවා දමන අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක් ඇති බවත් එතුමා කිසිදු අවස්ථාවක ද්වේශ සහගත ලෙස කටයුතු කර නොමැති බවත් එතුමාගේ වරප්‍රසාද කඩකරන්න කවුරුන් හෝ කටයුතු කරනවා නම් එය බරපතල ගැටලුවක් බවත් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.