ස්පුට්නික් එන්නත එක මාත්‍රාවක් පමණක් ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් මත කිහිපයක් ප්‍රකාශයට ලක්වන ආකාරයක් දැකගන්නට තිබේ.
ස්පුට්නික් V”එන්නත මහනුවර දී ලබාදීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන බවට පවසමින් අත්සන් ලබා ගැනීම සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂඥ කමිටුවේ උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
කෙසේ වෙතත්, “ස්පුට්නික් V” එන්නතේ පළමු මාත්‍රාව පමණක් ජනතාවට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව කිසිවක් නොදන්නා බවයි.










