නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් එක්ව ලංකාවේ දී කොවිඩ් මර්දන එන්නත් නිපදවීම සම්බන්ධයෙන් නීතිමය තත්වය, අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදි අද (01) පැවැත්විණි.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පැවැති මෙම රැස්වීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම අවස්ථාව එක් විණි.
එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසය වන විට එන්නත් මිලියන 06 ක් හා සැප්තැම්බර් මාසය වන විට එන්නත් මිලියන 07ක් ලෙස නිපදවීමේ ශක්‍යතාව ඇති බවත් ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණය සමග මෙකී ඉලක්ක සපුරා ගතහොත් සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහණයෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය කළ හැකි බවත් එය වසංගතය මර්දනය කිරීමට විශාල පිටුබලයක් වන බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.










