• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හතේ එක මිනීමැරුමක්! කහවත්තේ තවත් එකක්! ‌දේපොළ හෙණයක් වෙච්ච අපේ අම්මලා! I Sri Lanka Latest News

December 24, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
කොළඹ හතේ එක මිනීමැරුමක්! කහවත්තේ තවත් එකක්! ‌දේපොළ හෙණයක් වෙච්ච අපේ අම්මලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට මවුපියන්, දරුවන් හඳුනන්නේ නැති, හැඟීම් දැනීම් නැති මිනිසුන් ලෙස ඇතැමුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක්. මෙවැනි පිරිස් සමාජයටම පිළිලයක් බවට පත්වෙන්නේ නිරායාසයෙන්මයි. තමන්ව දස මාසයක් කුසේ දරාගෙන බිහිකරලා ලේ කිරි කර පොවපු දරුවා අතින්ම ඒ අම්මාට අවසන් ගමන් යන්න සිදුවෙනවා නම් ඒක කොයි තරම් අවාසනාවන්ත සිදුවීමක්ද?Sri Lanka Latest News

මානසික පීඩනය නිසා තමන්ගේ ආදරණීයයන් හඳුනන්නේ නැති තත්ත්වයකට සමාජය පත්වවෙලා. උතුම් ගුණධර්ම මිනිසුන් තුළින් ගිලිහී යමින් පවතිනවා. පසුගිය දින කිහිපයේදී එවැනි ඝාතන දෙකක් වාර්තා වුණා. ඉන් එක් ඝාතනයක් සිදුව තිබුණේ කහවත්ත ප්‍රදේශයෙන්. අනෙක් ඝාතනය සිදුව තිබුණේ කොළඹ 07 විජේරාම පාරේ නිවෙසකයි.

කහවත්තේ පදිංචිව සිටි විනීතා ජයසුන්දර මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසියන් පොලිසියට සාක්ෂි ලබාදී තිබුණා. වැල්ලදුර ශ්‍රී විජය විහාරස්ථානය අසල වෙලේවත්ත පටුමගේ මීටර 500 පමණ ගිය පසු විනීතා මහත්මියගේ නිවෙස පිහිටා තිබෙනවා. ඇය කිසිවකුට හිරිහැරයක් නොවන ලෙස අහිංසකව ජීවත්වූ තැනැත්තියක්. ඇගේ ඝාතනය පිළිබඳ ගම්වැසියන් කඳුළු සැලුවේ මහත් වේදනාවකින්. ගම්වාසීන් ඇයව අවසන් වරට දැක ඇත්තේ එදින පස්වරු 1ට පමණය. ඇගේ බාල දියණිය වන මේනකා නිවෙසට පැමිණෙන ආකාරයක් ගම්වැසියන් දැක තිබුණේ නැත.
විනීතා මහත්මියගේ නිවෙස අසලින් පස්වරු 4.45ට පමණ කෑගසන හඬක් ඇසුණු බව අසල්වැසි කුමුදු නමැති කාන්තාවක් පවසා ඇත. එහිදී ඇය පවසා තිබුණේ මෙවැන්නකි.

‘විනීතා නැන්දලාගේ ගේ පැත්තේ මම දර කඩනකොට හවස කෑගසන සද්දයක් ඇහුණා. ඒත් එක්කම දීපා අක්කාත් මගේ ළඟට දුවගෙන ආවා. තව අසල්වැසි පරිමි කෙනකුත් ආවා. අපි තුන්දෙනාම ගියා සද්දෙ මොකක්ද බලන්න. ඒ ගෙදර බල්ලා ලිහලා තිබුණේ. මේනකා නංගි කෑගහලා කිව්වා අක්කේ අම්මාට මොනවාද වෙලා බලන්න කියලා. විනීතා නැන්දා ලේ ගලන තුවාල සහිතව වැටී සිටින ආකාරය අපි දැක්කා. මේනකා නංගි පොලීසියට කතා කරලා ඒ බව දැනුම් දුන්නා…’

විනීතා ජයසුන්දර මහත්මිය දරුවන් තිදෙනකුගේ මවකි. 71 හැවිරිදි ඇගේ පුතු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර, මේනකාට වැඩිමහල් සහෝදරියකද සිටින බව සඳහන්ය. ඇයව නිවෙස තුළ ඝාතනය කොට නිවෙස පිටුපසට ඇද දමා තිබූ බවයි විමර්ශනවලදී හෙළිව තිබුණේ. විනීතා මහත්මිය ගමේ සමිති කිහිපයකම නිලතල දැරූ බවත්, ඇන්තූරියම් වගාකිරීමද සිදුකර ඇති බවත් දැනගන්නට ලැබුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි ඇගේ අවිවාහක බාල දියණිය වන මේනකාව කහවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ තියුණු ආයුධයකින් කැපීම් නිසා ඇය මරණයට පත්ව ඇති බවටයි. ඇයව ඝාතනය කර සිරුර නිවෙස පිටුපසට ඔසවාගෙන ගොස් දමා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. මෙම ඝාතනය පිළිබඳ පොලිසියට දැනුම්දී ඇත්තේද සැකකාර බාල දියණිය වන මේනකා විසිනි. මේනකා සහ ඇගේ මව වන විනීතා මහත්මිය අතර නිතර අඬදබර සිදුවන බව අසල්වාසීන් පොලීසියට පවසා තිබෙනවා.

සැකකාර මේනකා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළාය. ඇය මෙම ඝාතනය සිදුවූ දින සේවයට වාර්තා කර තිබුණේ පෙරවරු 11ට පමණය. සේවය නිමා කර පස්වරු 3.30ට පමණ ඇය නිවෙසට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ විය. ඇය යතුරුපැදියෙන් ගමන්ගත් ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇත.

ඝාතනය සිදුවූ නිවෙස තුළ ලේ පැල්ලම් සෝදා ඇති ආකාරයක් නිරීක්ෂණය වූ අතර, එම ස්ථානයේ වැටී තිබී මේනකාගේ අත්ඔරලෝසුවද සොයාගැනීමට පොලීසියට හැකිවී තිබේ. පොලිස් නිල සුනඛ මාෂිව යොදාගෙනද විමර්ශන සිදුකර ඇති අතර, එහිදී මාෂි නිවෙස තුළම සැරිසරමින් ඝාතනය නිවෙස තුළ සිදුව ඇති බවට ඉඟි කර තිබෙනවා. කෙසේ වෙතත් සැකකාර මේනකාගෙන් පොලිසිය පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කළද ඇය කිසිවක් නොදන්නා බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 15 වැනිදා විනීතා ජයසුන්දර මහත්මියගේ අවසන් කටයුතු සිදුවිය. එදින රාත්‍රියේදී සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබාගෙන පසුදින උදෑසන ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.
රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් අනුව සුමිත් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ අතර, කොළඹ 07 විජේරාම පාරේ නිවෙසක 75 හැවිරිදි සංගීත ගුරුවරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ මිත්‍රානි ප්‍රනාන්දු ස්මිත් නමැති ගුරුවරියකි. කොළොන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ ඇය විවාහයෙන් පසුව සිය සැමියා සමග මෙම නිවෙසේ පදිංචියට පැමිණ තිබුණා. ව්‍යාපාරිකයෙක් වූ සැමියා මීට වසර දෙකකට පෙර මියගොස් ඇත. ඉන්පසු ඇය තනිව ජීවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
මෙම ගුරුවරියගේ බාල සහෝදරයා නීතිඥවරයකු වන අතර, ඔහුගේ පුත්‍රයා ඉංජිනේරුවරයෙකු බව සඳහන්ය. ඔහු දිනපතාම ඔහුගේ මෝටර් රථය නවත්වනු ලබන්නේ මෙම ගුරුවරියගේ නිවෙසේ බවයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ. ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගුරුවරියගේ ඝාතනය සිදුව තිබුණේ පසුගිය 15 වැනිදායි. එදින සවස් යාමයේ සිට නිවෙසේ දොරගුළු විවෘතව තිබී ඇති බව සඳහන්ය. ගුරුවරියගේ නිවෙසේ විදුලිය විසන්ධි වී ඇති බව හදිසි ඇමතුම් අංක 119 අමතා පොලිසිය දැනුවත් කර තිබුණේ ඉංජිනේරු පුතු විසිනි. එම දැනුම් දීමට අනුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ගුරුවරිය නිවෙසේ බිම මුනින් අතට වැටී ඇති ආකාරය ඔවුන්ට දැකගන්නට ලැබී තිබිණි. ඒ අවස්ථාවේ 1990 ගිලන් රථ සේවාව අමතා ඇයව රෝහල්ගත කිරීමට උත්සාහ කළද ඒ වන විටත් ඇය මිගගොස් සිටි බවයි සඳහන් වන්නේ.
ඇය වැටී සිටි තැන ලේ පැල්ලම් කිහිපයක් තිබුණු බවත්, ගෙල ප්‍රදේශය තදින් සිරකර තිබූ ඇඟිලි සලකුණු කිහිපයක් ඇති බවද විමර්ශනයේදී අනාවරණ වී තිබිණි.

මියගිය කාන්තාවට දරුවන් සිටියේද නැත. ඇයව කිසියම් අයෙක් ගෙල සිරකර ඝාතනය කර විදුලි සර වැදීමකින් සිදුවූ මරණයක් බව පෙන්වීමට උත්සාහ දරා ඇති බවටද පොලිසිය සැක පළකරනවා. ඇය වැටී සිටි ස්ථානයේ බිම ඔප දමන යන්ත්‍රයක වයරය පළුදුව ඇති බවත් ටි්‍රප් ස්විචය අක්‍රීය වී ගොස් ඇති බවත් අඟවා තිබුණා. මුළුතැන්ගෙයි නොසේදූ තේ කෝප්ප තුනක්ද, රොටි 9ක්ද තිබී ඇති බවයි අනාවරණ වී තිබුණේ. මෙම නිවෙසේ ගෑස් සිලින්ඩරය, ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතනය ඇය ඝාතනය වීමත් සමග අතුරුදන්ව තිබේ.

මෙම සංගීත ගුරුවරිය පියානෝ වාදනය පිළිබඳ දක්ෂ ගුරුවරියක් වූවාය. ඇය සිය නිවෙසේ පියානෝ වාදනය ඉගැන්වීමද සිදුකරගෙන ගොස් ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඇගෙන් ඉගෙනගත් දරුවන්ගෙන්ද පොලිසිය තොරතුරු ඒකරාශී කරමින් සිටියි. මෙම කාන්තාව ජීවත්වූ නිවෙසේ අයිතිය හා ඊට අයිතිවාසිකම් ඇති අය සිටීදැයි සොයා විමර්ශන පවත්වනු ලබයි. කෙසේ වෙතත් මෙම මරණය තවමත් නොවිසඳුණු අබිරහසක්ව පවතින බැවින් සෑම පැතිකඩක්ම සොයාබැලිය යුතු බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
මේ කාන්තාවන් දෙදෙනාගේම ඝාතන කොයිතරම් ඛේදනීයද? මිනිසුන් ඇයි නොසිතන්නේ තමන්ගේ ජීවිතය වටින්නා සේ අනෙකාගේ ජීවිතයටත් වටිනාකමක් දිය යුතුයි කියා. බොහෝ අය කටයුතු කරන්නේ අවුරුදු සිය දහස් ගණනක් ජීවත් වන බව සිතමිනි.

අද සමාජයේ සාරධර්ම පිරිහිලා, තණ්හාව වැඩිවෙලා. මිනිස්සු මානසික පීඩනයකින් ජීවත්වන්නේ. කරන්නේ කියන්නේ මොනවාද කියලා බැරෑරුම්ව හිතන්නේ නැහැ. මිනීමරුවන්ට මේ සමාජයේ බේරීමක් නැහැ. දරුවන්ට ආදරේ නම් කුඩා කල සිටම ගුණධර්ම කියාදී ආදර්ශවත්ව ජීවත් වෙන හැටි කියා දිය යුතුයි. මවුපියන්ගේත් දරුවන්ගේත් යුතුකම් වගකීම් ඉටු නොවුණු තැන ගැටුම් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. විනීතා මහත්මියගේ පුතු ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබුණේ ‘අම්මා මරාදැමූ සැබෑ මිනීමරුවා නීතියේ දැලට අසුවේවා’ යනුවෙනි. ඔහු වගේම අපගේ පැතුමද එයයි. මන්ද ජීවිත දෙකක්ම අබිරහස් මරණ බවට පත්ව තිබෙන බැවිනි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පාතාලය-කුඩු එක්ක සම්බන්ධකම් තියෙන දේශපාලඥයන් පොලිසිය හෑල්ලුවට ලක්කරන කුහක කතා කියනවා! සමහර ආගමික නායක‌යොත් එහෙමයි! පොලිස් ඇමැති ටිරාන්ගෙන් ලොකු චෝදනාවක්! I Sri Lanka Latest News

Next Post

ආගම් අතර ගැටුම් ඇතිකරන අයට කල්පිටිය මීසම හොඳ පාඩමක් කියාදෙයි! කල්පිටියේ පන්සලක චෛත්‍යයක් හදන්න පියතුමන්ලා ඇතුළු කතෝලික මහ පිරිසක් ඇවිත් අත්උදව් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.