අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් එක් අයකු මියගොස් තවත් 30කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.Sri Lanka Latest News
තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.
බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.










