තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.
එළැඹෙන 21 වන දිනට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පුර්ණ වීමට නියමිතය.
පසුගිය වසරේ ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, ජුලි මස 21 වනදා ඒ මහතා මෙරට අට වන ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබීය.










