ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගේ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බවත්, එය ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
එම මූලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා සදහන් කර සිටියේ කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බව පිළිගන්නා බවය.
ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.










