කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර වී වේලන යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකුණීමේ සිද්ධියකට අදාළ කොළොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනා වැල්ලම්පිටිය පොලිසීය අද අත්අඩංගුවට ගත්තේය.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ කොළොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරුන් වන සුදත් සේනක සහ ජානක නාවුල්ල යන මන්තී‍්‍රවරුන් දෙදෙනා ය.
මෙම සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලීසියට භාරවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.










