ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News
අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.
“ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එම කරුණු සාකච්ඡා කිරීම සඳහා නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නෑ. “










