• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ බොහෝ දෙනෙක් ගතකරන්නේ සුවපහසු ජීවිත නෙවෙයි. එදා වේල කොහොම හරි හොයාගෙන, යන්තම් ජීවිතය ගැටගහන්න අය තමයි වැඩිපුරම අපේ රටේ ඉන්නේ.
ඒ අතර ඇතැම් අය මේ අගහිඟකම් නිසාම මනුෂ්‍යයන් ලෙස ජීවත්වීම නවතා තිරිසනුන් ලෙස හැසිරෙන විට ඒ සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ට දැනෙන්නේ අනාරක්ෂිත බවක්. පසුගිය දින කිහිපය තුළ හදවත කම්පනයට පත්කරන එවැනි සිදුවීම් දෙකක් අසන්නට ලැබුණා. ඒ සිදුවීම් දෙක අපේ සමාජයේ මනුෂ්‍යත්වය තවමත් ජීවත්වේදැයි ප්‍රශ්න කිරීමට අපව පොළඹවනවා. Sri Lanka Latest News

මෙහි පළමු සිදුවීම ලෙස පසුගිය 15 වැනිදා උදෑසන මා මුහුණදුන් සිදුවීම මාගේ ජීවිතයේ අමතක නොවන අමිහිරි අත්දැකීමක් වුණා. එදින උදෑසන මා කොටිකාවත්තේ බස් නැවතුම්පළට ගියේ අඹතලේ සිට කොල්ලුපිටිය දක්වා දිවෙන මාර්ග අංක 175 බස් රථයකට ගොඩවීමටයි. එම අවස්ථාවේ එහි සිටි කුඩා දරුවකු සහ ඔහුගේ මව මුහුණදුන් අසාධාරණය දකිද්දී හදවත දැඩි කම්පනයට පත්වුණා.

175 මාර්ග අංකය යටතේ දිවෙන බස් රථ ‍උද‍ෑසනට ගමන් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත ගැනද තැකීමක් නොමැතිව අධික වේගයෙනි. ඒ ඔවුන්ගේ නියමිත වේලාවට මහනියරට ගමන් කළ යුතු බවට බස් සංගම්වලින් පනවාගත් නීතියක් නිසා වන්නට ඇත. එදා මෙම බස් රථයේ කිටි කිටියේ ගමන් කරන මගීන් අතර අවුරුදු 3ක පමණ වයකද දරුවකු සමග මවක් සිටියා. මගී ආසනවල අසුන්ගෙන සිටි කවුරුවත් තමන්ගේ අසුන මේ මවට හෝ දරුවාට දීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ මව සහ දරුවා බස්රථයට ගොඩවී තිබුණේ අයි.ඩී.එච්. මංසන්ධිය දක්වා ගමන් කිරීමටයි. ඔවුන් බස්රථයේ රියැදුරු අසුනට පසු අසුන ඉදිරිපිට රැඳී සිටියා. කොහොම වුණත් පුංචි දරුවන් බස් රථයේ ජනේලය අසල ගමන් කිරීමට කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක්. මේ දරුවාද ඉදිරි අසුනේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතරින් ජනේලය අසල සිටගන්නට වුණේ ගමන් කරන අතරතුර අවට පරිසරය නැරඹීමේ අපේක්ෂාවෙනුයි.

එහෙත් සිදුවූයේ අනපේක්ෂිත දෙයක්. ජනේලය අසල අසුනේ වාඩිවී සිටි පිරිමි පුද්ගලයා මේ කිරිසප්පයාට බැණ වැදුණේ ඉතා පහත් ආකාරයකටයි.
‘මගේ කකුල වදිනවා… එහාට යනවා…’ යනුවෙන් බැණවදිමින් ඔහු දරුවා තල්ලු කරන්නට වුණා. මේ වචන මවක් කෙසේ නම් ඉවසයිද? කෙසේ නම් දරාගනීද? මිනිස්සු කොයිතරම් අසරණද? ඇයි මෙහෙම මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ? තම කිරිසප්පයාට බැණවැදීම මේ මවට දරා ගැනීමට නොහැකි වුණා. මේ මව යටි ගිරියෙන් කෑගසමින් බසය දෙවනත් කළේ තමන් දස මසක් කුස දරා මෙලොවට බිහිකළ දරුවා තමන්ගේ මුළු ලෝකයම නිසයි. ඒ, වේදනාව දරාගැනීමට නොහැකිවයි.

මේ මව ‘තමුසේට ළමයි නැද්ද…? මං පොලිසි යනවා… මගේ කිරිසප්පයා අසනීපෙන් ඉන්නේ. පයින් ගැහුවා… තමුසේට සාප වෙනවා… තමුසෙගේ ගෙදර ගෑනි ළමයි නැද්ද…?’ ආදී වශයෙන් ඒ මව සිය වේදනාව සහ කෝපය පිටකළේ බසය දෙවනත් වන්නටය. අසල සිටි කිසිදු මගියෙකුවත්, රියදුරා හෝ කොන්දොස්තරවරයාවත් ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක් කතා නොකිරීම විශේෂ සිදුවීමක් වුණා. ඒ මොහොතේ මා රැඳී සිටියේ එම බසයේ පිටුපසයි. ඇයි ඒ වෙනුවෙන් කාටවත් හඬ නගන්නට බැරිවුණේ. මිනිස්සු ජීවත් වන්නේ නොමැරෙන මිනිස්සු වගේයි. ඒ මගේ හදවතට දැනුණු දේය. ඒ අම්මා බෙරිහන් දී බසය දෙවනත් කළේ තමන්ගේ අහිංසක කිරිසප්පයා වෙනුවෙනි. ළමයෙක් අරන් කවුරු බසයට නැග්ගත් කොන්දොස්තරගේ වගකීම වන්නේ එවැනි මවකට ආසනයක් ලබාදීමයි. එහෙත් ඉහත කී මගියා කටයුතු කළේ ඔහුට බිරිඳක් හෝ දරුවෙක් නොමැති ආකාරයටයි. ඇයි මනුස්සයෝ මිනිස් ගුණධර්ම නොමැති අය ලෙස ජීවත් වෙන්නේ?අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ මිනිස්සුන්ට සමාජයට ආදරෙන් කරුණාවෙන් ජීවත්වීම හැම කෙනෙක්ම යුතුකමක් ලෙස සිතට ගතයුතුයි.

ඒ සිදුවීමෙන් දිනක් ගතවන්නට පෙර පසුගිය 16 වැනිදා හද කම්පා කරවන තවත් සිදුවීමක් වාර්තා වුණේ මැදවච්චිය ප්‍රදේශයෙන්. අහිංසක තරුණයෙක් දුක් මහන්සියෙන් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයට කඩාවැදුණු මංකොල්ලකරුවෙක් ඒ තරුණයාට පහරදුන්නේ අමානුෂික විදියට. මේ සිදුවීම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මැදවච්චියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයකට ඇතුළු වූ තරුණයන් දෙදෙනකු එය අයිති තරුණයාගෙන් කප්පන් ඉල්ලා තර්ජනය කරනවා. කප්පම් නොදීම හේතුවෙන් ඔවුන් අදාළ තරුණයාට පහරදී ඔහුගේ අතක් දැළි පිහියෙන් තුවාල කරනවා. එලෙස පහරකෑමට ලක්වූ තරුණයා සිද්ධිය මාධ්‍ය වෙත විස්තර කර සිටියේ මෙලෙසයි.
‘මම වැඩකරන සැලෝන් එකට ඇවිත් කෙනෙක් දැලි පිහියෙන් මගේ අත ගාවයි කණ ගාවයි කපලා ගියා. මේ පහරදීමට හේතුව වුණේ මත්ද්‍රව්‍ය. අපෙන් සල්ලි ඉල්ලුවා. ඒ නොදුන් නිසා තමයි පහර දුන්නේ. මම ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලේ නතර වුණා. වැඩිදුර ප්‍රතිකාර සඳහා මාව මැදවච්චිය රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරුකර යැව්වා..’

මේ සමාජයේ මනුෂ්‍යත්වය මනිනු ලබන්නේ අසරණ අහිංසක මිනිස්සුන්ට සලකන ආකාරයෙන්. එහෙත් අද අප ජීවත්වන සමාජයේ අහන්නට ලැබෙන ඇතැම් සිදුවීම් මනුෂ්‍යත්වය තවදුරටත් ජීවත් වේදැයි ප්‍රශ්න කිරීමට අපව පොළොඹවයි. සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් දෛනික ජීවිතය ගෙනයාමට වෙහෙසෙන සාමාන්‍ය වෙළෙඳසල් හිමියකුට මුහුණ දීමට සිදුවූ මෙම අවාසනාවන්ත ප්‍රහාරය හේතුවෙන් මුළු ප්‍රදේශයම භීතියට පත්කරනු ලැබුවා. කප්පම් මුදල් ඉල්ලා පැමිණි පුද්ගලයන්ට එලෙස කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔවුන් කෝපාවිෂ්ඨ වී එහි හිමිකරුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

තම දහඩි මහන්සියෙන් ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසෙන මිනිසුන් මෙලෙස බියගන්වා පහරදීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකියි. මත්ද්‍රව්‍ය උවදුරත් සමග බැඳී පවතින මෙවැනි අපරාධ අද ගම්වල සාමය සහ ආරක්ෂාව බරපතළ ලෙස අභියෝගයට ලක්කරමින් තිබේ. දිගින් දිගටම අසන්නට දකින්නට ලැබෙන මෙවැනි තර්ජන අහිංසක මිනිස්සුන්ගේ ජීවතවලට මහත් සේ බලපානු ලබයි. සමාජයට පිළිලයක් වූ මෙවැනි මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, මහජන සාමයට බාධා කරන්නන් අත්අඩංගුවට ගෙන නැවත එවැනි සිදුවීම් සිදු නොවීමට වගබලා ගැනීම පොලිසිය ඇතුළු වගකිව යුතු අංශවල කාර්යයකි.

මෙම පහරදීමෙන් තුවාල ලැබුවේ එක් පුද්ගලයෙකි. නමුත් හෙට දිනයේ ඒ ඉරණමට මුහුණ දීමට සිදුවන්නේ කාටදැයි කිසිවකු දන්නේ නැත. ඒ නිසාම මෙවැනි අපරාධකරුවන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක වීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

අපේ රටේ ඇතැම් ගම්මානවල වගේම නගරවලත් ජනතාවට නිදහසේ තම කටයුතු සිදුකරගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති අයුරු දිනෙන් දින වාර්තා වන මෙවැනි සිදුවීම් හරහා දක්නට හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණිමට පෙර දේශපාලන වේදිකාවල නිතර පැවසුවේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි ආරක්ෂිත සාමකාමී රටක් නිර්මාණය කරන බව වුණත් අද වනවිට සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලද්දී ඔවුන්ගේ එම පොරොන්දුව හිස් ප්‍රලාපයක් බවට පත්ව ඇති අයුරු දැකගත හැකිය.
මේ මත්ද්‍රව්‍ය උවදුර මැදවච්චිය ප්‍රදේශයට පමණක් සීමාවූ දෙයක් නොවෙයි. බොහෝ ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් පවතී. එබැවින් මෙවැනි අපරාධ සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සෑම දෙනාගේම වගකීමකි.

මනුෂ්‍යත්වය යනු ධනයෙන් හෝ බලයෙන් මනින දෙයක් නොවේ. අසරණ මිනිස්සුන්ට දක්වන කරුණාවෙන් මනින දෙයකි. අපේ ප්‍රාර්ථනාව වන්නේ තවත් කිසිදු මවකට තම දරුවා වෙනුවෙන් කඳුළු සලන්නට නොලැබේවා යන්නයි. ඒ වගේම තවත් කිසිදු අහිංසකයෙකුට මෙවැනි පහරදීමක් සිදු නොවේවා යන්නයි. මක්නිසාද යත් අහිංසක මිනිසුන්ගේ කඳුළු මතින් ගොඩනැගෙන සමාජය කිසිදා සාමකාමී රටක් නිර්මාණය නොකරන නිසාවෙනි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

Next Post

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

MORE NEWS

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Load More
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ...

Read more
අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.