ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මේ දින කිහිපය පුරා දිවයින පුරා අඛන්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර නුවරඑළිය නගරයේ වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී එහි පිවිසුම් මාර්ග විවර කිරීමට නොහැකි තරම් ජලය එක් රැස්වී තිබිණ. ඒවායේ තිබූ භාණ්ඩ සියල්ලටම හානි සිදු වී ඇති බව විශ්වාස කෙරේ.Sri Lanka Latest News
එමෙන්ම නුවරඑළිය නගර සීමාවේ ලෝසන් වීදිය ප්‍රදේශයේ නිවාස රැසක් සහ නුවරඑළිය තුරග තරග පිටියේ ජනාවාසය මුළුමනින්ම ජලයෙන් ජටවී ඇති ආකාරයක් දක්නට ලැබේ ,
අධික වර්ෂාවත් සමග නුවරඑළිය ග්‍රැගරී වැවේ සොරව්ව විවෘත නොකිරීමෙන් මෙලෙස නුවරඑළිය නගරය යටවීමක් සිදුවන බව පරිසරවේදීහු චෝදනා නගති ,
එමෙන්ම නුවරඑළිය අවට බඹරැකැලේ මේ පිළිලිමාන කඳපොළ හාවා එළිය බොරලන්ද යන ස්ථානවලද වගාබින් නිවාස රැසක් ජලයෙන් යටවීී තිබීමක් දක්නට ලැබිණ ,
මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිත රැසකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර සියලූම බැංකු රාජ්‍ය ආයතන කිහිපයක් සහ වෙළඳසෙල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම වසා දමා ඇති තත්ත්වයක්ද දැක්නට ලැබේ .
මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය මහනගර ස්වභාවයෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ වැව් සොරොව්ව ආරක්ෂාකාරීව කඩිනමින් විවෘත කර නගරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ආපදා කළමනාකරන ඒකකයත් එක්ක එක්වී කඩිනම් පියවර ලබාගන්නා බවයි .



















