ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අද (03) අළුයම කාලයේ සිට උදෑසන 7.30 දක්වා වන කාල සීමාවතුළ නුවරඑළිය නගර සීමාවේ තුරග තරඟ පිටිය ඇතුළු ස්ථාන රැසක සහ නුවරඑළිය අබේවල පට්ටිපොළ මීපිළිමාන යන ප්‍රදේශවල මල් තුහින පතිත වීමක් දක්නට ලැබුණු අතර එම ප්‍රදේශයන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 – 6 අතර ප්‍රමාණයක දක්නට ලැබිණ,Sri Lanka Latest News
සෑම වසරකම දෙසැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ අගඅග භාගය වන තෙක් නුවරඑළියට පතිත වන මල් තුහින තත්ත්වය මෙම වර්ෂයේ දී පසුගිය කාල සීමාවන්වල සිදුවූ කාලගුණ විපර්යාසයන් සමගින් මාර්තු මාසයේ මුල් සතියේ ද දකින්නට ලැබීම විශේෂත්වයකි ,
මෙම මල්තු හින තත්ත්වය මනරම් අන්දමින් දක්නට ලැබෙන්නේ නුවරඑළිය නගරය පුරා පිහිටි උද්‍යානවල උද්‍යාන වල්පැළ මතට ලුණු කුඩු ඉසු ආකාරයෙන් වීම සුවිශේෂී දසුනකි ,
මෙම අලංකාර දසුන් නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද මහත් ඇල්මක් දක්වති.















