කොරෝනා ප්‍රතිකාරවල නියුතු හෙද හෙදියන් මුහුණදී තිබෙන ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා හෙට (31) දිනයේ උදෑසන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා සඳහන් කරයි.
සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් නොලැබීම නිසා එම තීරණයට පැමිණි බවත්, මේ අනුව හෙට (31) උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.










