වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට යෑම සාධාරණීකරණය කරන තත්ත්වයට අද වන විට විපක්ෂය පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
අද (03) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සිටින්නේ එකම ස්ථාවරයක බවයි.










