තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා යළි එම ඒකකය හමුවට කැදවා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
හෙට, එනම් ඔක්තෝබර් 12 වන දා එම ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් හිටපු අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින, පුවක්දණ්ඩාවේ සනා නමැති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ නිවසින් දිවා ආහාරය ගෙන ඇති බවත් විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මීට පෙර තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට කැදවා තිබුණි.
එහිදී පැමිණිය යුතු නිශ්චිත දිනයක් පිළිබදව එම ඒකකය විමල් වීරංශට පවසා තිබුණද, ඔහු එම දිනයට පැමිණිය නොහැකි බව පවසා වෙනත් දිනක එහි ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
විමල් වීරවංශ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණි දිනයේ එහි ස්ථානාධිපතිවරයා එහි සිට නැති අතර, ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇත්තේ වෙනත් නිළධාරීන් පිරිසකි.
හෙට නැවත පැමිණෙන ලෙස තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විමල් වීරවංශට දැනුම් දී ඇත්තේ එවන් පසුබිමකයි.
විමල් වීරවංශ මුල් වරට ඔවුන් හමුවේ ලබා දුන් ප්‍රකාශයේ සාරාංශය ඊයේ දිනයේ දී පොලිසිය මාධ්‍යයට නිකු-ත් කර තිබුණි.
තමන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශය, පොලිසිය විකෘති කර මාධ්‍යයට නිකුත් කර ඇති බව විමල් වීරංශ පවසයි.










