අහලා තියෙනවද ලෝකයේ ළාබාලතම Serial Killer ගැන?
ඔය කියන්නේ ඉන්දියාවේ ජීවත් වුණු වයස අවුරුදු අටක අර පුංචි දරුවා ගැනද? Sri Lanka Latest News
ඔව්. ඔහු ජීවත් වුණේ ඉන්දියාවේ බිහාර්වල. මේ සිදුවීම පටන් ගන්නේ කෂ්පු කියන ගැහැනු ළමයාගේ අහඹු අතුරුදන් වීමකින්. මේ සිදුවීමේ කතා නායකයා තමයි අමර්ජිත් සාදා. කෂ්පුගේ අතුරුදන් වීම ගැන මුළු ගමේම පැතිරුණාට පස්සේ, කෂ්පුගේ අම්මාට අමර්ජිත්ගේ පවුලේම කෙනෙක් ඇවිත් කියනවා, මේ සිදුවීමට අමර්ජිත්ගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ අමර්ජිත්ව සාදා පවුලේ කෙනෙක්ම සැක කළාද?
ඔව්. ඒත් ළමයෙක්ගේ අතුරුදන් වීමකට තවත් ළමයෙක්ගේ සම්බන්ධයක් ඇති කියලා කවුරුවත් හිතලා නැහැ. නමුත් කෂ්පුගේ අම්මාගේ පැමිණිල්ලට අනුව අමර්ජිත්ව පොලිසියට අරගෙන යනවා. එතැනදී අමර්ජිත්ගෙන් අහලා තියෙනවා අතුරුදන් වුණු කෂ්පු ගැන මොනවා හරි දන්නවද කියලා. එතැනදී ඔහු දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
‘මම දැක්කා එයා ඉස්කෝලේ නිදාගෙන ඉන්නවා. මම ටිකක් එයාව එහාට අරගෙන ගිහිල්ලා එයාට ගලකින් ගහලා මැරුවා.’
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරපු පොලිසිය හොයාගෙන තියෙනවා කෂ්පු කියන්නේ අමර්ජිත්ගේ අතින් මැරුණු පළමුවැනි ළමයා නෙමෙයි කියලා.
අමර්ජිත් මෙහෙම හැමදේම කිව්වේ පොලිසියට තිබ්බ බය නිසාද?
මේ කතාවේ පුදුම හිතෙන කොටස තමයි ඒක. සාමාන්‍යයෙන් අවුරුදු අටක පොඩි ළමයෙක් පොලිසියට ගියාම බය වෙනවනේ. හැබැයි අමර්ජිත් කිසිම බයක් පොලිසියට පෙන්නලා තිබ්බේ නැහැ. පොලිසිය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින්, මුලින්ම කරලා තියෙන්නේ කිරි සහ බිස්කට් ඉල්ලපු එක. ඊට පස්සේ කිරි එකේ බිස්කට් එක පොඟවගෙන කාලා තියෙනවා. පොලිසිය අහන ප්‍රශ්නවලට බය නැතිව, පැහැදිලිව, හිනා වෙලා උත්තර දීලා තියෙනවා. කිසිම පසුතැවිල්ලක් තිබ්බේ නැහැ කියලයි පොලිසිය සඳහන් කරලා තියෙන්නේ.
ඒ කියන්නේ මෙතැනදී අමර්ජිත් එයා කරපු ඔක්කොම වැරදි පිළිගත්තද?
ඔව්. අමර්ජිත්ලාගේ ගෙදර තිබ්බ අඩු ආර්ථික තත්ත්වය මත අමර්ජිත්ගේ පුංචි අම්මා, ඒ කියන්නේ මීනා, තීරණය කරනවා රැකියාව සඳහා වෙනත් ගෙදරක වැඩට යන්න. ඒ වෙද්දි එයාට මාස හයක බබෙක් ඉන්නවා.
මම හිතන විදිහ හරි නම්, අමර්ජිත්ගේ පළමුවැනි ගොදුර වෙලා තියෙන්නේ එයාගේම පුංචි අම්මගේ මාස හයක ළදරුවා?
ඔව්. මේ වෙද්දී අමර්ජිත්ගේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මීනට හම්බවෙන මුදල්වලින් කොටසක් ලබාදීමට වෙච්ච පොරොන්දුව හින්දා අමර්ජිත්ගේ අම්මා මේ බබාව බලාගන්න භාර ගන්නවා. එක දවසක් අමර්ජිත්ගේ අම්මා අමර්ජිත්ට මේ බබාව බලාගන්න කියලා බඩු ගේන්න ටවුන් එකට ගිහින් තියෙනවා. අමර්ජිත්ගේ පොඩි කාලේ තොටිල්ලක තමයි මේ බබාව තියලා ගිහින් තියෙන්නේ. නමුත් අමර්ජිත්ගේ අම්මා ගෙදර ඇවිල්ලා බලද්දි බබා තොටිල්ලේ ඉඳලා නැහැ. ඒ වෙද්දි අමර්ජිත්ගේ අම්මා දැකලා තියෙනවා අමර්ජිත්ගේ මුහුණේ අමුතු හිනාවක් තියෙනවා. ඊට පස්සේ අමර්ජිත් එයාගේ අම්මා ගාවට ඇවිල්ලා කියලා තියෙනවා, ‘අම්මේ, මම එයාව මැරුවා’ කියලා.
අමර්ජිත් එයා කරපු වැරැද්ද මේ විදිහට නිතරම පිළිගන්න එක ටිකක් අමුතුයි නේද?
මෙහෙම වෙන්නේ අමර්ජිත් හිතන විදිහට, බොරු කියන එක ලොකු වැරැද්දක් කියලා එයා හිතපු නිසා. ඒ නිසා තමයි ඔහු හැම වෙලේම ඇත්ත කතා කරන්නේ. මෙතැනදී ඔහු පොලිසියට කියලා තියෙනවා අමර්ජිත්ගේ අම්මා කඩේට ගියාට පස්සේ, මුලින්ම ඔහු බබා ගාවට ගිහින් ඒ බබාගේ කම්මුල ඇල්ලුවා කියලා. ඊට පස්සේ ඔහු හයියෙන් මේ බබාගේ කනට ගහලා තියෙනවා. එතැනින් නතර වෙන්නැති අමර්ජිත් මේ දරුවාට එක දිගටම පහර දීලා, හූරලා, කොනිත්තලා, මේ දරුවාට එක දිගටම වධ දීලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ දරුවාව ගේ පිටිපස්සට අරන් ගිහින් ගලක් අරගෙන මේ දරුවාගේ හිසට කීප පාරක්ම ගහලා තියෙනවා.
මේ දේවල් දැක්කම මීනා නම් කම්පනයකට පත්වෙන්න ඇති?
මීනට විතරක් නෙවෙයි, අමර්ජිත්ගේ අම්මටත් මේ වළදාලා තිබ්බ දරුවාව එළියට ගනිද්දී වමනය පවා ගිහින් තියෙනවා කියලයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ කියන්නේ මේ සිදුවීම වුණු ගමන්ම අමර්ජිත්ගේ අම්මයි තාත්තයි මේ ගැන පොලිසියට කියන්න ඇති?
නැහැ. මේ අය තමන්ගේ දරුවාට තිබ්බ ආදරය නිසා මේ සිදුවීම හැංගුවා කියලයි කියන්නේ. මේ විදිහට අමර්ජිත් එයාගේ පළමුවැනි මිනීමැරුමෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ගැලවිලා තියෙනවා. එයාගේ අම්මත් මේ මරණය එයාගේ අතින් වෙච්ච අත්වැරැද්දක් විදිහටයි දැකලා තියෙන්නේ.
ඒ කියන්නේ පළමුවැනි මිනීමැරුම වුණේ එහෙමයි. එතැනින් එහාට අමර්ජිත්ට මොකද වුණේ?
සිදුවීමෙන් මාස හයකට පස්සේ, අමර්ජිත්ගේ අම්මට මාස දෙකක ගැහැනු දරුවෙක් ඉන්නවා. අමර්ජිත්ගේ අම්මා එයාට පැහැදිලිවම කියලා තියෙනවා, මේ ඉන්නේ ඔයාගේ නංගී. ඔයා එයාව බලාගන්න ඕනේ කියලා. නමුත් දවසක් අමර්ජිත්ගේ නංගිව තොටිල්ලේ තියලා එයාගේ අම්මයි තාත්තයි නිදාගෙන ඉන්නකොට අමර්ජිත්ට එයාගේ මිනීමරු අදහස් ඇවිල්ලා තියෙනවා. තොටිල්ලේ නිදාගෙන හිටපු එයාගේම නංගිව අමානුෂික විදිහට මරලා දාලා තියෙනවා.
අවුරුදු අටක ළමයෙක් තමන්ගේම නංගිව අමානුෂික විදිහට මරලා දැම්මා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි නේද? කොහොම වුණත් අමර්ජිත්ට මේ මිනීමැරුමට නම් එයාගේ මවුපියන්ගෙන් සමාවක් ලැබෙන්න නැතුව ඇති. එහෙම නේද?
නැහැ. අමර්ජිත්ගේ තාත්තා මේ සිද්ධියට අමර්ජිත්ට හොඳටම ගහද්දී අමර්ජිත් කියලා තියෙනවා, ‘ඔව්, මම මැරුවා තමයි. ඇයි මොකද?’ කියලා. ඒත් මේ හැම දේකටම පස්සෙත් මේ අය තීරණය කරනවා මේ සිදුවීමත් තමන්ගේ පවුල තුළම රහසක් විදිහට තියාගන්න.
එතකොට අමර්ජිත් තමන්ගේ පුංචිගේ ළදරුවා, තමන්ගේම නංගිවත්, ඒ වගේම කෂ්පු කියන කෙනාවත් බොහොම ලේසියෙන් මරලා දානවා. මොන වගේ දඬුවමක්ද මේ මිනීමැරුම්වලට අමර්ජිත්ට ලැබුණේ?
මේ මිනීමැරුම් තුනෙන් අමර්ජිත් වැරදිකාරයා වෙන්නේ කෂ්පු කියන දරුවාගේ ඝාතනයට විතරයි. ඒකට හේතුව, කලින් මරණවලට විරුද්ධව කිසිම කෙනෙක් අමර්ජිත්ට විරුද්ධව පැමිණිලි කරලා තිබ්බේ නැති එක.
ඊට පස්සෙද අමර්ජිත්ව පුනරුත්ථාපනයට යවන්නේ?
අවුරුදු 18ට අඩු ළමයෙක් අතින් සිදුවන මිනීමැරුමකට ඉන්දියාවේ නීතියට අනුව දඬුවම් හිමි වෙන්නේ අවුරුදු තුනක සිර දඬුවමක් විතරයි. ඒ වුණත් ජෝතිසිංගේ නඩු තීන්දුවට අනුව, ඒ දඬුවම වසර 16ක් දක්වා දික් වෙනවා. කොහොම වුණත් අමර්ජිත් අවුරුදු 16දී නිදහස් වෙනවා. ඔහු පසුකාලීනව විවාහයකුත් කරගෙන, ඒත් සමගම තමන්ගේ නමත් වෙනස් කරගෙන, තමන්ගේ අම්මත් එක්කම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලයි සඳහන් වෙන්නේ.
අමර්ජිත් පළමුවැනි මිනීමැරුම කරන්නේ 2006දී. එතකොට ඔහුට වයස අවුරුදු අටයි. එතකොට මේ වෙද්දී ඔහු වයස අවුරුදු 27ක තරුණයෙක්?
ඔව්. ඒ වගේම ඔහු මේ වෙනකොටත් මේ ලෝකේ කොහේ හරි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ජීවත් වෙනවත් ඇති.
අමර්ජිත්ගේ පළමුවැනි මිනීමැරුම එයාගේ දෙමාපියෝ හැංගුවේ නැත්නම්, තවත් දරුවෝ දෙන්නෙක්ගේ ජීවිත බේරගන්න තිබ්බා. ඒ වගේමයි මතක තියාගන්න, තමන්ගේ දරුවන්ගේ වැරදි හංගන එක, එයාලට කරන උදව්වක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ, ඔබ ඔබේම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන එක විතරමයි.
Sri Lanka Police










