ලබන වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නොවැම්බර් 13 වැනි දින පාර්ලිමේන්තු වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට වෘත්තීය සමිති තීරණය කොට තිබේ.Sri Lanka Latest News
දිනෙන් දින ඉහළ යන උග්‍ර ජීවන වියදම හමුවේ වැටුප් වැඩිවීමක් සහ රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීමට වෘත්තීය සමිති තීරණය කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ 2016 වසරේ වැටුප් වැඩිවීමෙන් පසු රාජ්‍ය සේවකයන් හට මෙතෙක් වසර හතක් පුරා කිසිදු වැටුප් වැඩිවීමක් සිදුකර නැති බවකි.
ඒ අනුව සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වීමට මේ වන විටත් සිය එකඟතාව පළකොට ඇති බවක් දැනගන්නට ඇත.
මේ සඳහා යම් ආරම්භයක් වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (26) සිටම වරාය, දුම්රිය, ධීවර, වෛi, හෙද සහ ගුරු සංගම් සිය සේවා ස්ථානවල අයවැයෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.