දැනට රට තුළ මතුව පවතින උග්‍ර මූල්‍ය අර්බූූදය පිළිබදව පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත්තේ මේ වනවිට ඩොලර් පමණක් නොව රුපියල් හිගයක් පවා රට තුළ මතුව ඇති බවකි.
එහිදී වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සීනි හා හාල්මැස්සන් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කළ යුතු බවත්, එසේ නොවුණහොත් සීනි සහ හාල්මැස්සන් හිගයක් රට තුළ මතුවිය හැකි බව පෙන්වා දී තිබේ.
නමුත් සීනි වෙනුවට හකුරු ආදේශක ලෙස භාවිත කළ හැකි බවත්, හාල්මැස්සන් වෙනුවට මාලු ආදේශක ලෙස භාවිත කළ හැකි බවත් එහිදී සාකච්ජා වී ඇත.
එහෙත් ඉන්ධන ගෙන්වීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් ඊට ආදේශක නොමැති බවත් මුදල් ආත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
දැනට ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු වෙත ඇති ණය පියවා දැමීම සදහා චීන සහ ජපන් බැංකුවලින් සහන ණය ඉල්ලුම් කළද අදාළ බැංකු විසින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති බවද කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත.










