• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට අවුරුද්දයි! විපක්ෂයේ පංච මහා ශෝකය! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

August 8, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවට අවුරුද්දයි! විපක්ෂයේ පංච මහා ශෝකය! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවක පළමු වසර සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඒ ආණ්ඩුවේ මධුසමය ලෙසය. ඒ මධුසමයේදී ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව පිළිබඳ කවුරුත් ගණන් හිලව් බලන්න යන්නේ නැත. ආණ්ඩුවක පමණක් නොව යමෙකු රැකියාවකට ගියත් ඒ සේවකයාගේ පළමු වසර යනු ඔහුගේ දක්ෂකම් හපන්කම් තීරණය කරන වසරක් නොවේ. ළමයකුගේ වුවත් මුල් අවුරුද්ද යනු බඩගාමින් යන කාලසීමාවකි. එහෙම තත්ත්වයක් යටතේ ආණ්ඩුවක පළමු අවුරුද්ද ගැන චරිත සහතික දෙමින් කවුරුන් හෝ ඒ ආණ්ඩුව ෆේල්ද පාස්ද යන්න තීරණය කිරීම ලෝකයේ ලොකුම විහිළුවකි.

අනෙක ගෝඨාභය ආණ්ඩුවේ පළමු අවුරුද්ද යනු ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් මුහුණ නොදුන් සහ අත් නොවිඳි ආකාරයේ අභියෝගයන්ට මුහුණදීමට සිදුවූ අවුරුද්දකි. ඒ අභියෝගයන්ට දෙස බලා මේ අවුරුද්දේ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව හදන්න බැරි වුණත් ඒ අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය දෙස බලන විට ආණ්ඩුව සමත් බව ඔප්පු කිරීමට ඕනෑ තරම් සාධක තිබේ. එය කරුණු පහක් යටතේ ඔප්පු කර පෙන්විය හැකිය.

පළමු කාරණාව කොරෝනා අභියෝගයය.

ඇත්තම කියනවා නම් කොරෝනාව මර්දනය කිරීම සඳහා එන්නත් ලබාගැනීම මේ ආණ්ඩුවට විශාල අභියෝගයක් විය. ඉන්දියාව පළමු අදියරේදී ඇස්ට්‍රාසෙනෙකා ලබා දී දෙවැනි වටයේදී ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා ප්‍රමාණය හෝ ලබාදීම අවලංගු කිරීමට පියවර ගත්තේය. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වූයේ ඉන්දියාවේ කොරෝනා බලන් ඉන්නැද්දීම ඉහළ යනවා යැයි කියාය. අනතුරුව රටවල් ගණනාවකින්ම ඇස්ට්‍රාසෙනෙකා ඉල්ලා සිටියද කිසිදු රටක් එම එන්නත ලබාදීමට ඉදිරිපත් නොවීය. ඒ වන විටත් ආණ්ඩුව පළමු අදියරේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ජනතාවට එන්නත් කර තිබිණි. එහි දෙවැනි මාත්‍රාව ලබාදිය නොහැකිව ආණ්ඩුව සිටියේ කරවටක් හිරවෙලාය. ඒ වන විටත් ලොව රටවල් රැසක්ම එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ නිසා විපක්ෂය දිගින් දිගටම කෑගසමින් කියා සිටියේ ‘කෝ ඇස්ට්‍රාසෙනෙකා?’ ‘කෝ එන්නත්?’ යැයි කියාය.

“ආණ්ඩුවට එන්නත් ගේන්න කිසිම වැඩපිළිවෙළක් නෑ. හැම රටකින්ම ඉල්ලුවත් ඒ කිසිම රටක් මේ ආණ්ඩුවට එන්නත් දෙන්නෙත් නෑ. ආණ්ඩුව ෆේල්. එන්නත් නැතුව කොරෝනා පැතිරෙන එකට මේ ආණ්ඩුව වගකියන්න ඕනෙ.”

විපක්ෂය එදා කෑමොර දෙමින් කීවේ එවැනි කතාය. එන්නත් ආවෙ නැති නිසා ජනතාවද මේවා විශ්වාස කළහ. සමාජ මාධ්‍යවල ආණ්ඩුවේ පළු යැවූහ.

හැබැයි ඇස්ට්‍රාසෙනෙකා හොයාගැනීමට නොහැකි වූවා කියා ආණ්ඩුව එන්නත්කරණ වැඩේ අතහැරියේ නැත. ලොව ප්‍රබල රටවලට නිතරම කතා කළේය. විශේෂයෙන් චීනය සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීය. සමහර රටවල් එන්නත් දෙන්න කැමැති වුවත් ඒ එන්නත් මිලදීගන්න ආණ්ඩුවට සල්ලි තිබුණේද නැත. භාණ්ඩාගාරය තිබුණේ පතුල දකින්න පුළුවන් විදියටය. ඒ සියලු අමාරුකම් මැද්දේද ආණ්ඩුව සල්ලි හොයාගෙන චීනයෙන් විශාල වශයෙන් එන්නත් ලබාගැනීමට පියවර ගත්තේය. ඇමෙරිකාවට කතා කොට ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිලදීගත්තේය. ගෝඨා පෞද්ගලිකවම ජපානයේ ප්‍රධානීන්ට කතා කොට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. සෞඛ්‍ය අංශවලට අමතරව හමුදාව ලවා එක රැයින් ලක්ෂ ගණනක් එන්නත්කරණය කොට වාර්තාවක් තැබීය.

මේ නිසා අද විපක්ෂයට එන්නත් ගැන කියන්න වචනයක්වත් නැත. ඒ නිසා අද විපක්ෂය ඉන්නේ රටේ ජනතාව පෝලිමේ ගිහින් එන්නත විදගන්නා ආකාරය බලමින්ය.

දෙවැනි කාරණාව වන්නේ ණය ගෙවීමේ අර්බුදයය.

“ආණ්ඩුවට ණය ගෙවාගන්නවත් සල්ලි නෑ. මේ අවුරුද්ද ඇතුළත රට බංකොලොත් කරලයි තියෙන්නෙ. මේ මාසෙ ඩොලර් බිලියනයක ණය ගෙව්වෙ නැත්නම් ලංකාව ඉවරයි.”

විපක්ෂය විදේශ ණය ගැන පූචානම් කතා කිය කිය හිටියේ එහෙමය. විපක්ෂය කී විදියටම ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයද ලංකාව ණය ගෙවාගත නොහැකි අවදානමක සිටින බවට අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

නමුත් ආණ්ඩුව නියමිත දිනට නියමිත වෙලාවට නියමිත පරිදි ඩොලර් බිලියනයක ණය ගෙවා දැමුවේය. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවා ඉන් අනතුරුව කියා සිටියේ ලංකාව ණය අර්බුදයෙන් මිදුණා යැයි කියාය. විපක්ෂය කට වහගත්තේ ඉන් අනතුරුවය.

තුන්වැනි කාරණාව වූයේ ආණ්ඩුව ඇතුළෙන් පුපුරා ඇති බවය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ආණ්ඩුවට ගහන්න පටන් අරගෙන ඇති බවත්, ආණ්ඩුවේ සමගිය බිඳවැටී ඇති බවත් විපක්ෂය පහුගිය කාලයේ තලු මර මර කියා සිටියේය. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් කැඩී ඇති බව කීවේය. උදය-විමල් ආණ්ඩුව කඩාගෙන යන්න තීන්දු කර ඇති බවද කීවේය. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ආණ්ඩුවත් සමග නැති බව කීවේය. විපක්ෂය කී විදියට ජනතාවත් සිතුවේ ආණ්ඩුව තව මාස පෝය දෙක තුනකට වඩා පවතින්නේ නැතැයි කියාය.

හැබැයි විපක්ෂය හිතපු දේ වුණේ නැත. ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී මේ සියලු දෙනා එක්ව ආණ්ඩුවේ හයිය විපක්ෂයටත්, රටටත් පෙන්නුවේය. කොටින්ම කියනවා නම් කලකට පසු තුනෙන් දෙකේ බහුතරයක් අරගෙන ආණ්ඩුව මේ ‘සම්ම කපේට’ වැටෙන්නේ නැති බව ඔප්පු කර පෙන්නුවේය.

හතරවැනි කාරණාව වූයේ පොහොර ප්‍රශ්නයය.

ගෝඨාභය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ජනතාව වස විස කෑමෙන් බේරාගැනීම සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට පියවර ගත්තේය. ඒ තීන්දුව ගත් දවසේ සිටම විපක්ෂය කෑගැසුවේ තීන්දුව හොඳ වුවත් ආණ්ඩුව එය කරපු ආකාරය වැරැදි යැයි කියාය. එහෙම කියපු විපක්ෂය රටේ ගොවි ජනතාව උසිගන්වමින් ආණ්ඩුවට එරෙහිව පාරට බැස්සවීමට කටයුතු කළේය. විරෝධතා ව්‍යාපාර පැවැත්වූවේය. සියලු ගොවීන් එකතු කොට ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සන්ධානයක් හදන්න විපක්ෂය දතකට මැදගෙන සිටියහ.

හැබැයි දැන් ආණ්ඩුව පොහොර තහනමටද සහනයක් ලබාදී තිබේ. ඒ නිසා විපක්ෂය ගොවීන් ඉස්සරහට දමාගෙන ආණ්ඩුව ෆේල් කියන්න ගෙන ආ ඒ කැම්පේන් එකෙනුත් අසමත්ය.

පස්වැනි කාරණාව කොතලාවල විශ්වවිද්‍යාල කෙටුම්පතය.

මේ කෙටුම්පතට එරෙහිව විපක්ෂය විශාල විරෝධයක් රට ඇතුළේ ගෙන ගියේය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂත් මෙම පනතට සංශෝධන සිදුවිය යුතු බව සඳහන් කර සිටියේය. ආණ්ඩුව එම සංශෝධන ලිඛිතවම ලබාදෙන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලටත් දැනුම්දී සිටියේය. නමුත් අවසානයේදී ආණ්ඩුව තීන්දු කළේ කොතලාවල කෙටුම්පත කල් දැමීමටය. විපක්ෂය අණ්ඩුව යළිත් වතාවක් රිවර්ස් වුණා යැයි කීවත්, ඇත්තටම සිදුවූයේ රිවර්ස් වීමක් නොව ජනතා මතයට ඇහුන්කන් දී ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට කල් ගැනීමය. මේ ආකාරයටම ආණ්ඩුව පසුගිය කාලයේදී ජනතා මතයට කන්දී පනත් කිහිපයක්ම වෙනස් කිරීමටද පියවර ගත්තේය.

ඒ අනුව විපක්ෂය පහුගිය කාලයේම ආණ්ඩුව ෆේල් කියමින් කැම්පේන් කළත් අවසානයේදී ආණ්ඩුවේ සියලුම කැම්පේන් තමන්ගේ වාසියට ගෙන විපක්ෂය ෆේල් කිරීමට ඒවා උපයෝගී කරගෙන ඇති බව පැහැදිලිය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නෑ! සීනි-හාල්මැස්සො වෙනුවට හකුරු-මාලු! තෙල් ණය පියවන්න ඉල්ලපු ලෝන් එකටත් පිටරට බැංකු බෑ කියලා!

Next Post

මෝචරිවල තදබදය නැතිකරන්න යුද හමුදාව මැදිහත් වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.