අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු සාමාජිකයකු සහභාගීවී නොමැති බව වාර්තා වේ.
අනෙකුත් සියලු පක්ෂ නියෝජනය කරමින් ඊට නියෝජිතයන් සහභාගී වී සිටි බවක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් ඊයේ දිනයේදී සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පක්ෂ නායක රැස්වීමට පොහොට්ටුව නියෝජනය කරමින් අලි සබ්‍රි සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් එක්ව සිටියහ.










