ඉදිරි දින දෙක තුළදී ද පෙට්රල් ඉල්ලුම සපුරාලිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී නොසිටින ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කාරණා සඳහා සීමාසහිත පෙට‍්‍රල් ප්‍රමාණයක් පමණක් අද සහ හෙට දිනවල පිරවුම්හල් වලට නිකුත් කරන බවද හෙතෙම කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දීය.
මෙරට සක්‍රීය පිරවුම්හල සියල්ලටම අද පස්වරු වනවිට ඩීසල් වර්ග දෙකම ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම කියා සිටියේය.










